සීනි රහිත පැණිබීම වෙළෙදපොලෙන් ඉවත්වීම වළක්වා ගැනීමේ අරමුණින් සීනි සහිත පැණිබීම සඳහා බදු පැනවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
සීනි සහිත පැණිබීම සඳහා පනවා තිබූ බදු දින 52 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය සමයේ දී ඉවත් කිරීමට එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කෙරුණු මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරනු ලැබීය.
සීනි සහිත පැණිබීම සඳහා යළි බදු පැනවීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ අතර ඊට අනුමැතිය ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශය සති දෙකක කාලයක් ඉල්ලා තිබුණි.
මේ පිළිබදව අමාත්‍ය මණ්ඩලයේ දී ද සාකච්ඡා කර ඇත. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ බදු ඉවත් කිරීම තුළින් සීනි රහිත පැණිබීම වෙළෙදපොලෙන් ඉවත්වන බවයි.
මේ පිළිබදව මුදල් අමාත්‍යවරයාගේ අවධානය යොමු විය යුතු බව ද බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.
තව ද සීනි ග්‍රෑම් 6 ක් අඩංගු පළතුරු බීම සඳහා බදු පැනවීමෙන් තොරව කටයුතු කිරීමටත් අනෙකුත් සාමාන්‍ය පැණිබීම සඳහා බදු පැනවිවීමටත් මෙහිදී තීරණය කර ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය.
මේ පිළිබදව අවසන් තීරණයක් ගැනීමේ සාකච්ඡාවක් ලබන සිකුරාදා පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වෙනු ඇත.
ඒ අනුව ඉදිරියේදී සීනි සහිත පැණි බීම සදහා යළිත් බදු මුදලක් අය කිරීම ක‍්‍රියාත්මක වනු ඇත.

