මම ඉක්මනින් එනවා - ගෝඨා 

 මම ඉක්මනින් එනවා - ගෝඨා 

හැකි ඉක්මණින් මවුබිමට පැමිණ ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කැප වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් සිංගප්පූරුවේ දී අද (03) මුණගැසුණු අවස්ථාවේ දී ගෝඨාභය  රාජපක්ෂ  මෙසේ  සදහන් කර තිබේ.

කිසිදු කරුණක් මත පසුබැසීමට තමා සූදානම් නොමැති බවත් ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානබවත් එහිදී ඔහු   සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.

මේ වන විට සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටින ගෝඨාභය රාජපක්ෂගේ සුවදුක් විමසීමට ප්‍රසන්න රණතුංග සමඟ තේනුක විදානගමගේ, පියංකර ජයරත්න, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන් ඊයේ (02) සිංගප්පූරුව බලා ගොස් ඇත.

අද උදෑසන 10ට පමණ මන්ත්‍රී කණ්ඩායම රාජපක්ෂ  හමුවන අවස්ථාවේ දී කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා  ද පැමිණ සිටියේය.

 තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වඩා හොඳ අතට හැරෙමින් තිබෙන බව කියා ඇති ගෝඨාභය  රාජපක්ෂ සිංගප්පූරු විදේශ ඇමැතිවරයා ද සිය සුවදුක් විමසීමට පැමිණි බව පවසා  ඇත.

තවත් මාස පහකින් පමණ එළැඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා  ගේඨාභය රාජපක්ෂ ට මෙහිදී පැහැදිලි කර ඇති බවත් වාර්තා වන අතර තවද  බැසිල් රාජපක්ෂගේ නායකත්වය යටතේ මේ වන විට ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාවට  නංවා ඇති බවත් නාමයෝජනා භාරදීමට පෙර හා භාරදීමෙන් පසුව ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාවට නැංවෙන ආකාරයත් පැහැදිලි කර තිබෙන බවත් දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න