හේමසිරි - පූජිත් 9 දක්වා රිමාන්ඩ් : ක්‍රියාවලිය සිදුවූ ආකාරය සැකයි - අනතුරුදායකයි !

හේමසිරි - පූජිත් 9 දක්වා රිමාන්ඩ් : ක්‍රියාවලිය සිදුවූ ආකාරය සැකයි - අනතුරුදායකයි !

අත්අඩංගුවට පත් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ‌ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ජුලි මස 9 වනදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළාය.

අදාල නියෝගය අද (03) නිකුත්කල අතර සැකකරුවන් දෙදෙනා එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

අත්අඩංගුවට ගැනීම අදහාගත නොහැකියි - නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන් !

මේ අතර අදහස් දැක්වූ නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන් කිහිපදෙනකු සදහන් කර සිටියේ මූලික පොලිස් විමර්ශනයක් නොමැතිව අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින තත්ත්වය අදහාගත නොහැකි දෙයක් බවය.

අදාල ක්‍රියාවලිය දියත් වූ ස්වභාවය තමන්ට සිහිපත් කළේ රාජපක්ෂ රෙජීම පාලන සමයේ කටයුතු සිදුවූ ආකාරය බවත් ඔවුන් පැවසීය.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන් මෙසේ පෙන්වා දෙයි.

පාස්කු ප්‍රහාරය එල්ලවු වහාම ජනාධිපති සිරිසේන ඒ වලක්වා නොගැනීම සම්බන්ධව ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරයි. සති කිහිපයකට පසුව එම කමිටුව අතුරු වාර්තාව කියා වාර්තාවක් ජනාධිපති සිරිසේන වෙත ලබාදෙයි. එහෙත් එහි අඩංගු කිසිවක් මාධ්‍ය වෙත හෝ ජනතාව වෙත අනාවරණය නොවෙයි.

අනතුරුව ජනාධිපති සිරිසේන එම වාර්තාව නීතිපති වෙත යොමු කරයි. එම වාර්තාව අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති පූජිත ජයසුන්දර අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ලිවේරා වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න වෙත දන්වයි.

නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන් ප්‍රශ්න කර සිටින්නේ මූලික පොලිස් විමර්ශනයක් නොමැතිව ජනාධිපති පත්කල කමිටුවක නිර්දේශ මත පදනම්ව මෙවැනි අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් නියෝග නිකුත්කර සිටීමට නීතිපති දප්පුල ලිවේරා ට හැකියාවක් ඇත්ද යන්නය.

ඕනෑම අයෙකු ඕනෑම මොහොතක අත්අඩංගුවට ?

ඒ අනුව හෙට දිනයේ, "කිසියම් චෝදනාවක් කිසියම් තෝරාගත් පාර්ශවයකට එල්ල කරනවා. එකී චෝදනාව සම්බන්ධව විමර්ශන සිදූකර තහවුරු කරගැනීමක් මේ අනුව තවදුරටත් අවශ්‍ය නැත. චෝදනා ඇතුලත් පාර්ශව ගැන විමර්ශනය කරන කමිටුවක් පත්කර ඒ කමිටු නිර්දේශය අනුව ඒ ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමට නීතිපති නියෝග කරයි. පසුව පොලිසිය මැදිහත්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් නියෝග ලබාගනියි." ලෙස ඕනෑම අයෙකු ඕනෑම අවස්ථාවක අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබා ගැනීමේ අවධානමක් ඇති බව නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන් ගේ අදහස වී තිබේ.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න