විදුලියට වැඩි මිලක් ගෙවීමට සිදුවීම : ඇමති රවී කරුණු දක්වයි !

විදුලියට වැඩි මිලක් ගෙවීමට සිදුවීම : ඇමති රවී කරුණු දක්වයි !

"දේශපාලන තීන්දු තීරණ නිසි අයුරින් නිසි වේලාවට ස්ථීරව නොගැනීම නිසා අපේ අහිංසක පාරිභෝගික ජනතාවට 15% ක් 20% ක් වැනි ප්‍රමාණයක් විදුලි බිලට වැඩියෙන් ගෙවන්නට සිදුවෙනවා. ඒ නිසා තමයි ඒ ආකාරයෙන් පාරිභෝගිකයින් විසින් වැඩියෙන් ගෙවන මුදල් නවත්වන්න අපි අපේ ඉංජිනේරුවන්ගේ අදහස් විමසා, ඒ අනුව අවම මිල ගණන් යටතේ විදුලිය ජනනය කිරීමේ වැඩපිලිවෙලකට අවතීර්ණ වුණේ. මේ තුළින් අපිට අවම මිලකට විදුලිය උත්පාදනය කරන්න පුළුවන් මාර්ගය තමයි ජල විදුලිය. ඊට පසුව අවම මිලක් සහිත උත්පාදන මාර්ගයන් ලෙස පිළිවෙලින් කුඩා ජල විදුලිබලාගාර, ගල් අගුරු, එල්.එන්.ජී., පුනර්ජනනීය බලශක්තිය, ඛනිජ තෙල් ආදිය හදුන්වා දෙන්න පුළුවන්"

"මට මූලික වශයෙන් අවශ්‍ය වන්නේ පාරිභෝගිකයාගේ පැත්තෙන් ඔවුන්ට පීඩනයක් නොවන ආකාරයෙන් විදුලිය ලබාදීමයි. අන්න ඒ තත්ත්වයට අනුකූලව තමයි මම කටයුතු කරන්නේ. එක පැත්තකින් ලංවිම මේ වසරේ බිලියන 100 ක් අලාභයි. බිලියන 100 රටේ සංවර්ධනයට යොදා ගන්න පුළුවන් වුණානම්, මොනතරම් හොදයිද. ඒක වෙන්නේ නැති නිසා තමයි, අවම මිලකට විදුලිය ගන්න අපි කටයුතු කරන්නේ. පරිසරය සුරැකීම වගේම නිතරම පාරිභෝගිකයාට දරා ගන්න පුළුවන් ආකාරයක මිලකට අපි විදුලිය සැපයිය යුතුයි "යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය ඉදිරිපිට පරිසර සංවිධාන කිහිපයක් විසින් උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් අනතුරුව, අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවට දුන් පොරොන්දුව ඉටු කරමින් පසුගියදා විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මෙම සාකච්ඡාව සදහා පරිසර සංවිධාන කිහිපයක නියෝජිතයන් සහභාගී වී සිටි අතර විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක්ද සහභාගි වුහ.

පරිසර සංවිධාන කිහිපයක නියෝජිතයන් සහභාගි වූ මෙම සාකච්ඡාවේදී‍ විෂයබාර අමාත්‍යවරයා විසින් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය, බලශක්ති සම්මිශ්‍රණය, බලශක්ති සුරක්ෂිතබාවය, විවධාංගීකරණය මෙන්ම දැරිය හැකි මිලකට බලශක්ති උත්පාදනය කිරීමේ ක්‍රියාමාර්ග පිළිබදවද පැහැදිළි කිරීමක් සිදුකරන ලදී. ඒ අනුව අවම මිලක් යටතේ විදුලි උත්පාදනය කිරීම වෙනුවෙන් විදුලිබල ක්ෂේත්‍රය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුකර ඇති බවත්, ඒ අනුව මේ වනවිට සමස්ත දිවයින ආවරණය වන පරිද්දෙන් දියත්කර ඇති සූර්යබල සංග්‍රාමය ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබදව සොයා බැලීමට කමිටුවක් පත්කර ඇති අතර අදාළ කමිටු තීරණ මත ඉදිරියේදී තවදුරටත් සූර්යබල සංග්‍රාමය වර්ධනය කිරීමට කටයුතු කරන බවත් විෂයභාර අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, සූර්යබල සංග්‍රාමය නවතා දැමීමට රජය විසින් කටයුතු කරන බවට පැතිරයන චෝදනාවේ කිසිදු සත්‍යයක් නොමැති බවත්, මේ යටතේ මේ වනවිට ක්‍රියාත්මකවන නෙට් ප්ලස්, නෙට් මීටරින් සහ නෙට් එකවුන්ටින් යන ක්‍රමවේදයන්ගෙන් සිදුවන මූල්‍යමය බලපෑම පිළිබදව සලකා බලා, විදුලි පාරිභෝගික ප්‍රවර්ධනය උදෙසා ගතහැකි සුදුසු ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන බවත් පැවසීය.

මෙම සාකච්ඡාව සදහා සහභාගි වූ පරිසර සංවිධාන නියෝජිතයන්ට සිය අදහස් දැක්වීමට අවස්ථාවක් ලබාදුන් අමාත්‍යවරයා, ඔවුන්ගේ ගැටළු සදහා විසදුම් ලබාදීම වෙනුවෙන් දෙසතියක් ඇතුලත ලංකා විදුලිබල මණ්ඩලයීය ඉංජිනේරුවරුන් සමග සාකච්ඡාමය අවස්ථාවක් ලබාදීමට එකගතාවය පළ කළේය.{gallery}ravi-kk{/gallery}

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න