කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් තම දෙපාර්තමේන්තුව භාරයේ තවදුරටත් රඳවා තබා ගැනීම යුක්ති සහගත නොවන බව පොලිස් අපරාධා පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇති බව වාර්තා වෙයි.
මෙම වෛද්‍යවරයා ජාතික තවුහිද් ජමාද් හෝ වෙනත් කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයකු බවට කිසිදු තොරතුරක් අනාවරණ වී නොමැති බවද එම ලිපියේ සදහන් කර ඇති බවත් වාර්තා වෙයි.
එබැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව ඔහු තවදුරටත් තම දෙපාර්තමේන්තුවේ රදවා ගත නොහැකි බවද එම ලිපිය හරහා දන්වා ඇති අතර වෛද්‍යවරයා වෙත නිකුත් කර ඇති රැදවුම් නියෝගය අවලංගු කරන්නැයි දෙපාර්තමේන්තුව විසින් ආරක්‍ෂක ලේකම්ගෙන් ඉල්ලීමක් කර ඇති බවත් වාර්තා වෙයි.
රතන චන්න ජාතකය !
කෙසේ වුවත් මේ වන විට අතුරලියේ රතන සහ චන්න ජයසුමන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනය නිසි ලෙස සිදුව නැති බවට ප්‍රචාරයක් දියත් කර ඇත.
අන්ත ජාතිවාදී සහ රටේ ජනතාව මුළුමනින්ම නොමග යවන ඒ ප්‍රචාරය සම්බන්ධ විශේෂ අනාවරණයක් කිරීමට newstube.lk සූදානම් අතර එය බලාපොරොත්තු වන්න.

