ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව සකස් කරන සන්ධානයේ නම ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ‘ බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
ලාංඡනය හා ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ මේ දිනවල දිනපතා සාකච්ඡා කරමින් තිබෙන බවත්, ඉදිරි සතියක කාලය තුළ බොහෝ තීන්දු තීරණ ගත හැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර සඳහන් කරයි.
දෙපාර්ශ්වයම එකතු වී එක් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පක්ෂ දෙකේම බලාපොරොත්තුව බවත්, එම බලාපොරොත්තුව මුල්කර ගනිමින් සාකච්ඡා සාර්ථකව පැවැත්වෙමින් තිබෙන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කර සිටියි.

