සිරිසේන ධූර කාලය දීර්ඝ කරගැනීමේ උත්සාහයක : පොහොට්ටුවෙන් චෝදනා !

සිරිසේන ධූර කාලය දීර්ඝ කරගැනීමේ උත්සාහයක : පොහොට්ටුවෙන් චෝදනා !

නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත නොවන බව පවසමින් බලයට පැමිණි ජනාධිපති සිරිසේන තම ධූර කාලය දීර්ඝ කර ගැනීම සඳහා නැවතත් අධිකරණ මතය විමසිමට ගෙන ඇති තීරණය සදාචාර සම්පන්න නොවන ක‍්‍රියාවක් බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

අද (4) කොළඹ නෙළුම් මාවතෙ පිහිටි පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ පැවත මාධ්‍ය හමුවකදී ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ මේ ලෙස චෝදනා නැගීය.

ජනාධිපතිවරයාගෙ ධූර කාලය ආරම්භ වන්නේ එතුමා දිව්රුම් දුන් 2015 ජනවාරි 9 වැනිදා සිටද එසේ නොමැතිනම් 19 වැන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ 2015 මැයි 19 වැනිදා සිටද යන්න සම්බන්ධයෙන් ලබන සතියේ අධිකරණයේ මතය විමසීමේ සූදානමක ඇතැයි ඔහු මෙහිදී අනාවරණය කළේය.

මීට පෙරද ජනාධිපතිවරයා මෙලෙස අධිකරණ මත විමසුමක සිදු කරනු ලැබූ අතර දිගින් දිගටම තමන්ගෙ ධූර කාලය දීර්ඝ කර ගැනීමේ ප‍්‍රයත්නයක නිරත වෙමින් සිටින බවත් මන්ත්‍රීවරයා අවධාරණ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න