බැදුම්කර වාර්තාවේ පිටු අඩුවීම ජනාධිපති පිළිගනියි : ඇත්තම කිව්වාට ස්තූතියි - කැෆේ කියයි

බැදුම්කර වාර්තාවේ පිටු අඩුවීම ජනාධිපති පිළිගනියි : ඇත්තම කිව්වාට ස්තූතියි - කැෆේ කියයි

ජනාධිපති බැදුම්කර කොමිසමේ වාර්තාවට අයත් අතිරේක ලේඛන ඉතා විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධියට පත් කර නොමැති බවට සත්‍ය පිළිගැනීම සම්බන්ධව ජනාධිපතිවරයාට ස්තූතිය පලකරන බව කැෆේ සංවිධානය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන එම සංවිධානය සඳහන් කර සිටින්නේ ජනාධිපතිවරයා ඊයේ (23) කොළඹ පැවති ව්‍යාපාරික රැස්වීමක දී කොමිෂන් වාර්තාවේ පිටු අඩු බව පිළිගෙන ප්‍රකාශයක් සිදුකර ඇති බවය.

බැඳුම්කර වාර්තාවේ උපරිම පිටු 9000යි : අවමය 5000 යි

කෙසේ වුවත් අදාළ නිවේදනය නිකුත් කරමින් කැෆේ සංවිධානය සඳහන් කර සිටින්නේ මෙසේ ජනාධිපතිවරයා සන්තකයේ තබාගෙන සිටින බැඳුම්කර වාර්තාවේ පිටු ප්‍රමාණය දහස් ගණනක් වන බවයි.

තම සංවිධානයේ තක්සේරුව අනුව බැඳුම්කර වාර්තාවේ සමස්ථ පිටු ප්‍රමාණය 9000 කට වැඩි විය යුතු බවත් අවම වශයෙන් එය පිටු 5000ක් වත් වියයුතු බවද කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

ජනාධිපතිත් හොරු රකිනවා - කැෆේ

මීට පෙරද පාර්ලිමේන්තුවට ලබාදුන් බැඳුම්කර වාර්තාව සම්බන්ධව කැෆේ සංවිධානය විසින් ගරු කථානායක වරයා වෙත යොමු කළ ලිපිය හරහා ‘සී 350‘ ලෙස සලකුණු කොට ඇති ලේඛනය මත පදනම් වූ නිරීක්ෂණ පිළිබද ප්‍ර‍ධාන වාර්තාවේ සදහන් නමුත්, එම ලේඛනය මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලැබී නැති බව පෙන්වා දුන් බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.

එසේම ඒ ලිපිය හරහා "ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බැදුම්කර වංචාව හා එයට සම්බන්ධ පාර්ශව පිළිබද සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීම හා තාර්කික, දත්ත පාදක නිගමනයන්ට එලැඹීම උදෙසා මෙම අතිරේක ලේඛන පරිශීලනය අනිවාර්ය වූ අවශ්‍යතාවයක් බව සඳහන් කළ බව" සිහිපත් කළ බවද කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

බොරු කියන්නෙ කැෆේ නෙවෙයි

එසේම බැඳුම්කර වාර්තාව පිළිබඳ සාවධ්‍ය මත සමාජගත නොකරන ලෙසට කතානායකවරයා සිදුකර ඇති දැනුම්දීම සම්බන්ධවද ප්‍රතිචාර දක්වන කැෆේ සංවිධානය සඳහන් කර සිටින්නේ වාර්තාව පිළිබඳ අසත්‍ය කරුණු සමාජගත කොට ඇත්තේ කැෆේ සංවිධානය නොවන බවය.

බොරු කියන්නෙ ගම්මන්පිල

නමුත් නිදර්ශනයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල බැඳුම්කර වාර්තාවේ පිටු 103 ක් අඩු බවට සිදුකර ඇති ප්‍රකාශය නම් බැඳුම්කර වාර්තාව පදනම් කරගෙන නිකුත් කර ඇති අසත්‍ය තොරතුරක් බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න