සිරිසේනගේ එල්ලන සිහිනය බොඳ වෙයි!

සිරිසේනගේ එල්ලන සිහිනය බොඳ වෙයි!

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත්කර ඇත.

අදාල නියෝගය අද (05) නිකුත්කර ඇති අතර ඒ අනුව ඔක්තෝබර් මස 30 වන දින දක්වා මෙම අතුරු තහනම් නියෝගය ක‍්‍රියාත්මක වෙයි.

ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇත.

මේ අතර මරණ දණ්ඩනය නියම කර බන්ධනාගාරගතව සිටින කිසිදු සිරකරුවෙකුට මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමක් සම්බන්ධයෙන් මේ වන තෙක් ජනාධිපතිගෙන් නියෝගයක් ලැබී නැති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

අද අභියාචනාධිකරණය හමුවේ ටී.එම්.ඩබ්ලිව්. තෙන්නකෝන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කල යුතු දිනය, වේලාව, ස්ථානය අදී කිසිම තොරතුරක් තමනට ලැබී නැති බවයි.

මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට විරුද්දව අධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.

එලැබන 17 වනදා තෙක් කිසිදු සිරකරුවෙකුට මරණීය දණ්ඩනය ලබා නොදෙන බවද ඔහු සදහන් කලේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න