අනවශ්‍ය ලෙස නඩු ප්‍රමාදවීම වැලැක්වීම සඳහා ඉදිරි දින කිහිපය තුළදී නව පනත් දෙකක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ පැවසීය.
මාතලේ නව මහාධිකරණය විවෘත කිරිමේ අවස්වථාට එක්වෙමින් ඒ බව පැවසූ අමාත්‍යවරිය අධිකරණයට තිබු නොයෙකුත් බලපැම් ඉවත් කිරීමට හැකිවු බවත්, විනිශ්චයකාරවරුන්ට මෙන්ම නීතිපති දේපාර්තමේන්තුව ඇතුළු අමාත්‍යාංශය යටතේ තිබෙන සෑම ආයතනයක් සඳහාම ස්වාධීන තීන්දු තිරණ ගැනීමට අවශ්‍ය අවස්ථාව ලබා දුන් බවත් අමාත්‍යවරිය මෙහිදී කියා සිටියාය.
පනත්වල ඇති ගැටළුකාරී තත්ත්වයන් සමහර අය නොදන්නා බව පැවසු අමාත්‍යවරිය මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමට ඇති අවස්ථා ගැන ඉදිරි දින කිහිපය තුළ නව පනත් දෙකක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව පැවසීය.
එසේම ඒ තුළින් ජනතාවට තම නඩු කටයුතු පහසුවෙන් කර ගැනිමේ අවස්ථාව උදා වෙන බවත් ජනතාව විශාල කාලයක් මහේස්ත්‍රාත් අධිකරණ තුළ කාලය ගත කරන අතර එයට විශාල මුදලක් අහිමි වන බව ද අමාත්‍යවරිය පැවසීය.
මේ වන විට නඩු 750,000ක් පමණ පවතින බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

