ශ්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමුණ නැමැති සංධානයකින් ඉදිරි මැතිවරණ සඳහා තරඟ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ කිසිදු එකඟත්වයකට පැමිණ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.
ඊයේ(04) එක්සත් ජනතා නිදහස් සංධාන මහ ලේකම් මහින්ද අමරවීර සිදුකල ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ද ඔවුන් වැඩිදුරටත් පැවසයි.
අද(05) පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මේ බව අවධාරණය කළේය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුන අතර සාකච්චා සාර්ථකව සිදුකෙරෙන නමුත් සංධානයකින් තරඟ කිරීමක් සම්බන්ධයෙන් තවමත් කිසිදු නිෂ්චිත අවසන් තීරණයකට පැමිණ නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
වත්මන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂය විසින් නම්කොට ඇති පසුබිමක එම කොන්දේසිය යටතේ සංධානයකට එකඟවීමට පොදුජන පෙරමුන සූදානම් නොමැති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
නමුත් යම් හෙයකින් මෙම පක්ෂ දෙක අතර සංධානයක් ඇතිවන්නේ නම් ඉදිරි ජනාධීපති අපේක්ෂකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලු දෙනාගේ තීරණය බව මෙම මාධ්‍ය හමුවට සහභාගී වු පාර්ලිමෙන්තු මන්ත්‍රී තාරක බාලසූරියද සඳහන් කළේය.
පොදු ජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂකයා නිළ වශයෙන් ප්‍රකාශයට පත්කිරීම අගෝස්තු මස 11 වැනිදා ප්‍රකාශයට පත්කෙරෙන අතර මේ අවස්ථාවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ගතහැකි හොඳම ක්‍රියාමාර්ගය වන්නේ ජනතා මතය අනුව පොදුජන පෙරමුණ සමඟ කොන්දේසි විරහිතව එකතුවීම බවත් ඔහු පැවසීය.

