ඇවන්ට්ගාඩ් 08ක් වහාම අත්අඩංගුවට ගනු - නීතිපතිගෙන් පොලිස්පතිට නියෝග !

ඇවන්ට්ගාඩ් 08ක් වහාම අත්අඩංගුවට ගනු - නීතිපතිගෙන් පොලිස්පතිට නියෝග !

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති, ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු 8 දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (5) නියමකර ඇති බව වාර්තා වෙයි.

ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඒ පිළිබඳව ලබන සඳුදාට (8) පෙර තමාට දැනුම් දෙන ලෙසද නීතීපති දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න ට වැඩිදුරටත් නියමකර ඇති බවත් වාර්තා වෙයි.

‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළකාලන්නැයි ඉල්ලමින් නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප‍්‍රභ කර ඇති බව වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කර ඇති නීතීපතිවරයා ඇවන්ට් ගාඩ් සභාපතිවරයා ඇතුළු 8 දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කිසිඳු නීතීමය බාධාවක් නොමැති බවද වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මාධ්‍ය වෙත දැනුම් දෙමින් සදහන් කර තිබේ.

‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපතිට අමතරව මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දී ඇත්තේ විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු, විශ‍්‍රාමික මේජර් ජනරාල් කරුණාරත්න බණ්ඩා අධිකාරී එගොඩවෙල, විශ‍්‍රාමික කොමදොරු විශ්වජිත් නන්දන දියබලනගේ, ජාතික පොලිස් කොමිසමේ ලේකම් සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දිසානායක මුදියන්සේලාගේ සමන් දිසානායක, විශ‍්‍රාමික එයාර් වයිස් මාර්ෂල් පී.බී. පේ‍්‍රමචන්ද්‍ර, ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දමයන්ති ජයරත්න සහ ‘රක්නා ලංකා’ හිටපු සභාපති වික්ටර් සමරවීර යන අයයි.

‘ඉන්දි ඇවන්ට්ලාර්ඞ්’ නෞකාව ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ වශයෙන් පවත්වාගෙන ගිය බවත් එම නෞකාවේ තිබී විවිධ වර්ගවල ස්වයංකීය ගිනි අවි 813 ක් සහ ජීව උණ්ඩ 2,00,945 ක් සොයා ගෙන තිබු බවත් හෙළි වී තිබිණි.

එම තත්වය යටතේ අදාළ පුද්ගලයින් සැකකරුවන් වශයෙන් නම් කර අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේ කටයුතු කර ඔවුන්ගේ ප‍්‍රකාශ සටහන් කර වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නොපමාව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න