සිරිසේන, ඌවේ එනකොට වගාබිම් ඔප්පුත් අරගෙන එන්න - සමන්ත

සිරිසේන, ඌවේ එනකොට වගාබිම් ඔප්පුත් අරගෙන එන්න - සමන්ත

ජනාධිපති සිරිසේන ඌව වෙල්ලස්ස ජනතාවගේ ගැටළු විසඳීමට කියාගෙන හෙට(06) ඌවට පැමිණෙන විට ඌව වෙල්ලස්ස ජනතාවගේ වගාබිම්වල අයිතිය සහිත ඔප්පු ද රැගෙන එන ලෙස ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ කැඳවුම්කරු, ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසයි.

ඌව වෙල්ලස් ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ විසින් ඊයේ(04) පස්වරුවේ පැවැත්වූ ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

ඌව වෙල්ලස්ස ජනතාවගේ වගා බිම් බහු ජාතික සමාගම්වලට පවරාදීමට විරෝධය පල කරමින් පසුගිය වසරේ(2018) ඔක්තෝබර් මස 10 වැනිදා ලෙයින් අත්සන් කළ පෙත්සමක් ද රැගෙන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට පැමිණි බවත්, එහිදී ලබාදීමට පොරොන්දු වූ සාකච්ඡාව අද දක්වා ද ලැබී නොමැති බවත් සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා එහිදී සිහිපත් කළේය.

ඒ අතරතුර පාරම්පරික ඌව වෙල්ලස්ස ගොවීන් ඉඩම් වලින් නෙරපා හැරීමට ජනාධිපතිවරයා යටතේ පවතින මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයෙන් ගොවීන් 50 කට අධික සංඛ්‍යාවකට නඩු පවරා ඇතැයි ද ඔහු හෙලිකර සිටියේය.

එබැවින් හෙට දිනයේ ඌව වෙල්ලස්සට පැමිණෙන විට මෙම ගැටළුව විසඳීමට ගොවීන්ට හිමි ඉඩම් ඔප්පු රැගෙන එන ලෙසත් කිසි ලෙසකින්වත් ඌව වෙල්ලස්ස ගොවීන් සිය ජීවිකාව සපුරාගන්නා ඉඩම බහු ජාතික සමාගම්වලට කුණු කොල්ලයට විකුණා දැඌව වෙල්ලස්ස ජනතාවගේ ගැටළු විසඳීමට හෙට(06) ඌවට පැමිණෙන විට ඌව වෙල්ලස්ස ජනතාවගේ වගාබිම්වල අයිතිය සහිත ඔප්පු ද රැගෙන එන ලෙස ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ කැඳවුම්කරු, ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා පවසා ඇත.

ඌව වෙල්ලස් ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ විසින් ඊයේ(04) පස්වරුවේ පැවැත්වූ ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ඌව වෙල්ලස්ස ජනතාවගේ වගා බිම් බහු ජාතික සමාගම්වලට පවරාදීමට විරෝධය පල කරමින් පසුගිය වසරේ(2018) ඔක්තෝබර් මස 10 වැනිදා ලෙයින් අත්සන් කළ පෙත්සමක් ද රැගෙන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට පැමිණි බවත්, එහිදී ලබාදීමට පොරොන්දු වූ සාකච්ඡාව අද දක්වා ද ලැබී නොමැති බවත් සමන්ත විද්‍යාරත්න මහතා සිහිපත් කළේය.

ඒ අතරතුර පාරම්පරික ඌව වෙල්ලස්ස ගොවීන් ඉඩම් වලින් නෙරපා හැරීමට ජනාධිපතිවරයා යටතේ පවතින මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයෙන් ගොවීන් 50 කට අධික සංඛ්‍යාවකට නඩු පවරා ඇතැයි ද සමන්ත විද්‍යාරත්න මහතා හෙලිකර සිටියේය.

එබැවින් හෙට දිනයේ ඌව වෙල්ලස්සට පැමිණෙන විට මෙම ගැටළුව විසඳීමට ගොවීන්ට හිමි ඉඩම් ඔප්පු රැගෙන එන ලෙසත් කිසි ලෙසකින්වත් ඌව වෙල්ලස්ස ගොවීන් සිය ජීවිකාව සපුරාගන්නා ඉඩම බහු ජාතික සමාගම්වලට කුණු කොල්ලයට විකුණා දැමීමට ඉඩ ලබා නොදෙන බවත් සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.මීමට ඉඩ ලබා නොදෙන බවත් සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න