ශ්‍රිලනිප - පොහොට්ටු විරසකය: ගෝඨාගේ වැඩක් !

ශ්‍රිලනිප - පොහොට්ටු විරසකය: ගෝඨාගේ වැඩක් !

ශ්‍රිලනිප පොහොට්ටු සන්ධානය සම්බන්ධව දැඩි විරෝධයක් දක්වා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ හිතවාදීන් බවත් ඔවුන්ගේ දේශපාලන නොමේරූභාවය පක්ෂයේ ඉදිරි පැවැත්මට දැඩි බලපෑමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ශ්‍රිලනිප - පොහොට්ටු සන්ධානය සම්බන්ධව මේ වන විට පළවෙමින් තිබෙන පරස්පර ප්‍රතිචාර සම්බන්ධව අදහස් දක්වමින් එම ආරංචි මාර්ග මේ බව පෙන්වා දුන්නේය.

මුළුමනින්ම ජාතිවාදී නොවී පැවැත්මක් නැතිව පදනමක් නැති දේශපාලනඥයින් කිහිපදෙනකු සහ නවක අත්දැකීම් අඩු පිරිස් සිංහල පමණයි වැනි දේශපාලන කඳවුරක් පිළිබඳ සිසිහිනයක් සහිතව සිටින බවත් එහෙත් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පක්ෂ ප්‍රබලයින් සිතන්නේ පුලුල් සන්ධානයක් ගොඩනැගීමට බවත් පැවසීය.

සාකච්ඡාවට නොගිය අය කට වහගෙන හිටියා නම් හරි - ඩලස්

මේ අතර ශ්‍රිලනිප ය සහ පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් එම සාකච්ඡා වලට සහභාගී වන නියෝජිතයින් 06දෙනා හැර අනෙක් පාර්ශව සිදු කරන ප‍්‍රකාශවල වගකීමක් ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම පවසයි.

කිසියම් ගැටලූවක් ඇත්නම් මීලග සාකච්ඡා වාරයේදී දෙපාර්ශවයටම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අවස්ථාව පවතින බවත් මන්තී‍්‍රවරයා සදහන් කරයි.

එසේම සන්ධානයක් ගොඩනැගීම සඳහා මාස 03ක පමණ කාලයක් සාකච්ඡා පැවැති බවත්, එහිදී කිසිඳු ගැටළුවක් මතු නොවුනු බවත්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම පවසන අතර බාහිර පාර්ශවයන් මෙම සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට යාමෙන් ගැටලූ මතුවන බවත් අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ,

"නව සන්ධානයක් ගොඩනැගීම සඳහා වන සාකච්ඡාවලට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී එල් පීරිස් සහ ආචාර්ය ජගත් වැල්ලවත්ත සහභාගී වනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුනේ ඊට එක්වන නියෝජිතයින් වන්නේ පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර, හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාලයි." යනුවෙනි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න