පන්තියක සිටිය යුතු අනුමත ශිෂ්‍ය සංඛ්‍යාවද ඉක්මවා ඇතැම් පන්තිවලට ළමයින් ඇතුළත් කරන ලෙස නියෝග කරමින් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් ලිපි නිකුත් කර ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පවසන ආකාරයට කීර්ති ආණ්ඩුකාරවරයාගෙන් නියමයෙන් දකුණු පළාතේ පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ විගණකාධිපතිට ලිඛිතව පැමිණිලි කර ඇත.
පාසලක එක් පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දී ඇති බවත්, 2021 වසරේදී පන්තියක සිටිය යුතු ළමයින් සංඛ්‍යාව 35 දෙනෙක් වන පරිදි 2016 වසරේ සිට ක්‍රමයෙන් ළමයින්ගේ සංඛ්‍යාව 40 සිට අඩුවෙමින් යන බවත් ඔහු සදහන් කරයි.
ඒ අනුව මෙම වසරේ එක ශ්‍රේණියට ඇතුළත් කර ගත යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 37 දෙනකු බවත්, එම සීමාව ඇතුළත යම් පාසලක පුරප්පාඩුවක් පවතී නම් පොරොත්තු ලේඛනය අනුව සිසුන් ඇතුළත් කර ගත යුතු බවත් ඔහු කීවේය.
පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම සඳහා කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ ලිපිවල අනුමත සීමාව ඉක්මවා ළමයින් ඇතුළත් කිරීමට නියෝග කර ඇති බව ද, එවැනි නියෝග නීත්‍යනුකූල නොවන බව ද ලේකම්වරයා පැවසීය.
ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කරන ලද බව කියන ලිපියක් පහත දැක්වේ.



