වෙල්ගම යළිත් : රාජපක්‍ෂලා ඇතුළු බොරු ඇමරිකානු විරෝධින්ට රෙදි නැති කරයි !

වෙල්ගම යළිත් : රාජපක්‍ෂලා ඇතුළු බොරු ඇමරිකානු විරෝධින්ට රෙදි නැති කරයි !

ඇතැම් අය ඇමෙරිකාවේ සිටිමින් අධිරාජ්‍යවාදීන්ට බනින බවත් පුරවැසිකම් අයින් කර ගැනීමට කටයුතු කරන අයගේ බිරිඳ හා දරුවන් සිටින්නෙ අමෙරිකාවේ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවැසීය.

බදුල්ලේ පැවැති උත්සවයකදී මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

හැමතිස්සෙම කථා කරන්නේ ඇමෙරිකාව ගැනනේ. දැන් ටී.වී. එකේ බැලුවත්, රැස්වීමක් තිබ්බත් කථා කරන්නේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධව. නමුත් දැන් අපේ නායකයෝ කී දෙනෙක් අද ඇමෙරිකාවේ ඉන්නවද? අද ඇමෙරිකාවට විරුද්ධව කථා කළාට නෝනා ඉන්නේ ඇමෙරිකාවේ. පුතාලා ඉන්නේ ඇමෙරිකාවේ.

අනිත් සමහර නායකයන්නේ නෝනයි, පුතයි, දුවයි ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. තව නායකයෙක්ගේ දුව ඉන්නේ ඇමෙරිකාවේ. අපේ පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන්ගේ මුළු පවුලම ඉන්නේ ඇමෙරිකාවේ.

ඇමෙරිකාවේ කකුල් දෙක තියාගෙන මෙතන ඇවිත් ඇමෙරිකාවට බනිනනවා. ඇයි කෙලින් කථා කරන්න බැරි. ඒ අය නායකත්වයට ආවොත් ඇමෙරිකාවට විරුද්ධ වෙනවද?

නෑ සමහර අය පුරවැසිකම් අයින් කරගෙන නෑ. පාස්පෝට් භාරදීලා විතරයි තිබෙන්නේ. පුරවැසිකම් අයින් කරගෙන ආවට නෝනයි, දරුවයි ඉන්නේ ඇමෙරිකාවේ.

එක කකුලක් මෙහේ එක කකුලක් එහෙ. ඒ රටවල රැකවරණය අරගෙන ජීවත් වෙලා ඇමෙරිකාවට බනිනවා. මේවා තමයි විහිලු. මේවා තමයි ඉවසගන්න බැරි.

මහින්ද මහත්තයට එන්න බැරිනම් ඊළඟ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් දාන්න. ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨත්වය බැලුවොත් මම ඉන්නේ තුන්වෙනියට. මට ඉස්සර තව දෙන්නෙක් ඉන්නවා. රෙද්ද බැනියම අදින කෙනෙකුත් ඉන්නවා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න