ජලනිගේ ආර්‍යාව කතාවට : බුකියේ දැඩි අවධානයක් !

ජලනිගේ ආර්‍යාව කතාවට : බුකියේ දැඩි අවධානයක් !

අනාගත නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආර්යාව තමන් බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස පැවසීම සමාජ මාධ්‍ය ජාල අතර දැඩි අවධානයක් යොමුව තිබේ.

ඊයේ (13) හැටන්හිදී පැවති ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ඇය මේ බව සදහන් කර තිබේ.

එහිදී ජලනි ප්‍රේමදාස මෙසේද සදහන් කර තිබේ.

‘ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ ඔබ ආදරේ කරන, ඔබේ හදවතේ බලාපොරොත්තු ඇති කරගෙන තිබෙන, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි මේ ස්ථානයට.

සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අනාගතය පිළිබඳව ඔබ සියලු දෙනාට විශාල බලාපොරොත්තු රාශියක් තිබෙනවා.

සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ ඇමතිකමකට සීමා නොවී, කොළඹට පමණක් සීමා නොවී, මහජනතාවත් සමඟ එකතුවෙලා මහජනතාවත් සමඟ සිටින නායකයෙක්.

ඔබ සියලු දෙනාගේ මේ ඉඩම් ප්‍රශ්නයට එතුමා අනිවාර්යයෙන්ම ඔබ සියලු දෙනාටම විසඳුමක් ලබාදෙන බවට මම පොරොන්දු වෙනවා.

සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ වචනයට පමණක් සීමා වෙච්චි නායකයෙක් නෙවෙයි.

ඒ ජනතා සේවකයා ඔබ සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටින්නේ එතුමාව ආරක්ෂා කරගන්න එතුමාව බලාගන්න එතුමාට ඔබ සියලු දෙනාට දිය හැකි උපරිම සහයෝගය දෙන්න කියලා’

මේ සම්බන්ධව සමාජ මාධ්‍ය ජාල මෙසේ ප්‍රතිචාර දක්වා සිටියි.

jalani1

jalani2

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න