එස්.බී - අමරවීර : සාමාන්‍ය පෙළ ගැටුමක් !

එස්.බී - අමරවීර : සාමාන්‍ය පෙළ ගැටුමක් !

සාමාන්‍ය පෙළ විභාගය සමත් වී තිබුණා නම් සන්ධාන මහලේකම් මහින්ද අමරවිර මන්ත්‍රීවරයාට සත්‍ය තේරුම් යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.

ඔහුට මෙම සත්‍යය නොතේරෙන්නේ අධ්‍යාපනයක් නැතිකම නිසා බවද එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මහින්ද අමරවීර සන්ධාන මහලේකම්වරයා සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූවකු බව ද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රී මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

තමනට සාමාන්‍ය පෙළ පමණක් නොව උසස් පෙළ විභාගය සහතිකද ඇති බවද තමන් හා ඕනෑම නාලිකාව විවාදයට පැමිණෙන ලෙසද එස් බී දිසානායක ට අභියෝග කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න