ජනාධිපති සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ කතා බහ නැවත කරළියට පැමිණ ඇත.
ඊයේ (13) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු චමින්ද විජේසිරි ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
එහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් ජනාධිපති සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවය.
මීට පෙරත් එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් ජනාධිපති සිරිසේන වෙත දෝෂාභියෝගයක් ගෙන ඒම සදහා තීරණාත්මක සාකච්ඡාවක් ගෙන කටයුතු සූදානම් කළ අතර නමුත් පසුව ඒ උත්සාහය හකුලා ගැනිණ.
ඒ කැබිනට් මණ්ඩලය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ජනාධිපති සිරිසේන එකඟතාව පළකර සිටීමත් සමගය.

