ජනාධිපති සිරිසේනගේ ජනාධිපතිවරණ ජන්ද ප්‍රමාණය : ශෂින්ද්‍ර වේලාසනින් කියයි !

ජනාධිපති සිරිසේනගේ ජනාධිපතිවරණ ජන්ද ප්‍රමාණය : ශෂින්ද්‍ර වේලාසනින් කියයි !

ජනපති සිරිසේන ඉදිරි ජනපතිවරණයට අපේක්ෂකයකු ලෙස එක්වුවහොත් ඔහු ලබාගන්නේ ඡන්ද ලක්ෂ 4ක් පමණක් බව ඌව පළාත්සභාවේ හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ කියයි.

ඔහු මෙ බව පවසා ඇත්තේ මේ සතියේ ඉරිදා ලංකාදීප පුවත්පතයි.

කැබිනට් ඇමතිලා 30න් 06ක් රාජපක්ෂලා?

ඌවේ හිටපු මහ ඇමති තමා නිසා එය කැබිනට් ඇමතිකමකට සුදුසුකමක් යැයි තමා පෞද්ගලිකව සිතන බවත්, මීළඟ ආණ්ඩුවේ තමාට ද කැබිනට් ඇමතිකමක් දිය යුතු බව ද ඔහු සඳහන් කරයි.

තමාට දේශපාලනයේ දිගු ඉතිහාසයක් ඇති බව කියන හෙතෙම මහින්ද රාජපක්ෂ මහතා 2002 දී අගමැතිවූ විට තමා ඔහුගේ පෞද්ගලික ලේකම් වූ බවත්, ඉන් පසුව වසර 9ක් ජනාධිපති මහින්දගේ පෞද්ගලික ලේකම්ව සිටි අතරම ඌවේ මහ ඇමතිවුණේ වැඩිම ඡන්ද ලබාගනිමින් බැවින් ද මොන්ටේගු ජයවික්‍රමගේ සිට මහ ඇමතිලාට කැබිනට් ඇමතිකම් හිමි නිසා තමාට කැබිනට් ඇමතිකමක් ලැබිය යුතු යැයි ශෂින්ද්‍ර රාජපක්ෂ පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න