අගමැති රනිල්ගේ මසුරං කතාව !

අගමැති රනිල්ගේ මසුරං කතාව !

විවිධ ජාතීන්ගෙන් සමන්විත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත පුරවැසියන් ලෙස තරග කොට ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, වසර දහසක් තිස්සේ විවිධ ජාතීන් සමඟ සහයෝගයෙන් ජීවත් වන අප ද ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සිතිය යුතු කාලය දැන් එළඹ තිබෙන බව අවධාරණය කර සිටියි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ඊයේ (15) යාපනය, චුන්නාකම්, කන්දරෝඩෛ, ස්කන්දවරෝදය විද්‍යාලයේ 125 වන සංවත්සරයට සහ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම ඉදිරි වසර 2 තුළ ස්ථිර වශයෙන්ම සිදු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසිය. ශ්‍රී ලාංකිකයින් ලෙස ආඩම්බරයෙන් ජීවත් විය හැකි පරිසරයක් එමඟින් උදා කළ හැකි බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා සිසු දරුවන් මහත් හරසරින් පිළිගනු ලැබූ අතර විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය ද මීට සමගාමීව පැවැත්විණ. දක්‍ෂතා දැක්වූ සිසු දරුවන් වෙත ත්‍යාග හා සහතික ලබා දීමට ද අග්‍රාමාත්‍යවරයා එක්විය.

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෛ සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, ඊ. සරවනපවන් යන දේශපාලනඥයින් මෙන්ම ස්කන්දවරෝදය විද්‍යාලයේ විදුහල්පති එම්. සෙල්වස්ථාන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ.

unnamed 2

උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.

''ඊයේ රාත්‍රියේ ඔබ බොහෝ දෙනෙක් රාත්‍රී 12ට කලින් නිදා ගත්තෙ නැතුව ඇති. ඔබ ලෝක කුසලාන තරඟය බලන්න ඇති. එංගලන්තය තමයි ලෝක කුසලානය ජයග්‍රහණය කළේ. එම කණ්ඩායම විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්. කණ්ඩායමේ නායකයා සංක්‍රමණිකයෙක්. ස්ට්‍රොක් ක්‍රීඩකයා සංක්‍රමණිකයෙක්, හොඳම පන්දු යවන්නා සංක්‍රමණිකයෙක්. තව එක්කෙනෙක් දෙන්නෙක් හිටියා අවුරුදු පහකට හයකට පසුව එංගලන්තයට ඇවිත් ඉංග්‍රීසි ජාතිකයන් වුන.

ඔවුන්ගේ ඒකාබද්ධ වැඩපිළිවෙළ අපට වඩා වේගවත්. අපට එම තත්වයට එන්න කල් යනවා වැඩියි.

අ‌පේ රටේ අවුරුදු දහස් ගණනක් විජාතීන් එකට ජීවත් වෙනවා. ඒ වගේම සියලු දෙනා ඒකාබද්ධව එකමුතුව වැඩ කරනවා. මම අනිවාර්යයෙන්ම කිව යුතුයි 2015 unnamed 4වසරෙන් පසු අපි හැමෝම එකට වැඩ කළා. අපි එය යථාර්ථයක් බවට පත් කළා. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් විදිහට එම එකමුතුකම ඉදිරියටත් පවත්වා ගත යුතුයි.

අපි සිංහල ජාතියක් වීම ගැන ආඩම්බර විය යුතුයි. මම බෞද්ධයෙක්වීම ගැන ආඩම්බර වෙනවා. මම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වෙනවා. දමිළ ජාතිකයන් සිටීම ගැන මම ආඩම්බර වෙනවා. ඒ වගේම හින්දු, කතෝලික, මුස්ලිම් ජාතීන් එකට ජීවත්වීම ගැන මම ආඩම්බර වෙනවා.

ඒ වගේම යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු අපි කරගෙන යනවා. ජනතාවට තවමත් විවිධ ගැටලු තියෙනවා. අපි ඒවා විසඳමින් යනවා. ජනතාවගේ ගැටලු වෙනුවෙන් අපි දේශාපාලන විසඳුම් අරගෙන තියෙනවා. අපි මෙම ගැටලු සඳහා දේශපාලන විසඳුම් ලබා ගැනීමේ අරමුණින් සාකච්ඡා සිදු කළා. අවාසනාවකට පාර්ලිමේන්තුවේ බහුතරය හිමි වුණේ නැහැ.

හැබැයි මම කියන්න කැමතියි, මම ඇතුලු මගේ පක්ෂය බලය බෙදා හැරීම සඳහා කැපවීමෙන් කටයුතු කරන බව ඒ වගේම අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකර මුස්ලිම්, සිංහල ඇතුලු සියලු ජාතීන්ට සහයෝගයෙන් ජීවත් වීමට පරිසරයක් නිර්මාණය කරනවා.

අපි මෙය විසඳීමට ලැබූ අත්දැකීම් සහ අඩුපාඩු පිළිබඳව සළකා බැලිය යුතුයි. මීලඟ අවූරුදු 2 තුළදී එම ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙනවා. අපි දේශපාලන විසඳුමකට ළඟා වී තියෙන බව මම කියන්න කැමතියි.

ශ්‍රී ලාංකිකයන් ලෙස ආඩම්බරයෙන් ජීවත්විය හැකි පරිසරයක් එමඟින් උදාකරනගත හැකියි. අපි දේශපාලන විසඳුමකට ළඟා වී තිබෙන බව මම කියන්න කැමතියි. මේ අපේ මව්රට. අපි ශ්‍රී ලාංකිකයින් විදිහට අපි හැමෝම ජීවත් විය යුතුය.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න