දුෂණ විරෝධී සටන ජාතිවාදයෙන් ප්‍රවේශම් කරමු !- සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

දුෂණ විරෝධී සටන ජාතිවාදයෙන් ප්‍රවේශම් කරමු !- සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

අල්ලස, වංචාව සහ දූෂණයෙන් තොර රටත් බිහිකර ගැනීම උදෙසා දූෂණ විරෝධීන් ගෙනයන අරගලය කිසිදු අයුරකින් හිටපු හොර, මැර, ජඩ දේශපාලකයන්ට නැවත බලය ලබාදීම උදෙසා භාවිතා වීමට ඉඩදිය යුතු නැති බව ශ්‍රී ලංකා සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති අතර එහි වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ රාජපක්ෂ පාලනය අවසන් කිරීමට මෙරට ජනතාව තීරණය කරන ලද්දේ දූෂණයට සහ භීෂණයට එරෙහිව බවත් එම හොර, මැර පාලනය ආපසු කැදවා ගැනීමට කිසිදු උවමනාවක් දූෂණ විරෝධීන් සහ සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදීන් ලෙස තමන්ට නොමැති බවය.

එසේම රාජපක්ෂ පාලන සමයෙහි සහ යහපාලන ජාතික ආණ්ඩුව සමයෙහි සිදුවු දූෂණ වංචා නඩු කඩිනමින් විභාග කිරීමට වෙනම අධිකරණ පද්ධතියක් ස්ථාපිත විය යුතු බවට මුල්වරට යෝජනා කරන ලද්දේ දූෂණ විරෝධී පෙරමුණ බව සඳහන් කරන එම නිවේදනය වහාම එම අධිකරණ පද්ධතිය ස්ථාපිත කොට හොරුන්ට දඩුවම් කොට එම අයතා ගනුදෙනු වලින් රටට සිදුවු අලාභය අය කරගන්නා ලෙසට ජාතික රජයට බලපෑම් කළ යුතු බවද සඳහන් කර ඇත.

තවද දූෂණ විරෝධය මුවාවෙන් නව ව්‍යවස්ථාවට හා ජාතික සමගියට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය ගෙනයන ජාතිවාදී ව්‍යාපෘතිය පරාජය කළ යුතු බවත් ජාතික නිදහසට වසර 70 ක් සපිරෙන මොහොත වනවිටත් ශ්‍රී ලංකාව වර්ගවාදීන්ගේ දිවයිනක් කිරීම සම්බන්ධව ජාතිවාදී දේශපාලකයින් වගකිව යුතු බවද එහි සඳහන්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න