මත්පැන් තහංචියට එරෙහිව තවත් නඩුවක්

මත්පැන් තහංචියට එරෙහිව තවත් නඩුවක්

මත්පැන් මිලදී ගැනීම සහ මත්පැන් අලෙවි සල්වල සේවය කිරීම සඳහා කාන්තාවන්ට අවසර ලබාදෙමින් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ ගැසට් පත්‍රය අහෝසි කිරීම මගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි පවසමින් තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් විකල්ප කලා සහ සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් විසින් ඊයේ (24) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකර ඇත.

මෙම පෙත්සම ඉදිරිපත් කළ පිරිස අතර නදීකා බණ්ඩාර, රුවිනි තල්පාවිල, ඉදුනිල් කංකානම්ගේ, කේ.කේ. සමන් කුමාර, විරාජ් ලියනආරච්චි, ප්‍රියාන් ආර් විජේබණ්ඩාර, ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමි ඇතුලු 13 දෙනෙක් සිටින බව වාර්තා වේ.

මෙම පෙත්සම මගින් මංගල සමරවීර අමාත්‍යවරයා, සුරාබදු කොමසාරිස්වරයා, නීතිපතිවරයා, අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ඇතුළු හය දෙනෙක් වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ඉතා පැරණි නීතියක් වන මෙය ඉන්පසු ගෙන ආ 1978 ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ මූලික අයිතීන්ට පටහැනි වන බව පෙන්වා දෙන මෙම පෙත්සම ලංකාවේ වැඩිම මත්පැන් බලපත්‍ර‍ ලබාගෙන ඇත්තේ ස්ත්‍රීන් බවද එබැවින් මෙම නීති අතාර්කික බව පවසයි. පුරුෂයින්ට අදාල නොවන නීති ස්ත්‍රීන්ට අදාල වීම මගින් සමානත්වයේ අයිතිවාසිකම තමන්ට අහිමි වන බව පෙත්සම්කරුවන් පවසා සිටී.

ස්ත්‍රීන්ගේ ප්‍ර‍ගතිය උදෙසා නීති සෑදිය හැකිය යන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා ප්‍ර‍තිපාදනය මෙහිදී අදාල නොවන බවත් කාන්තාවක වීම නිසාම අයිතිවාසිකම් අහෝසි කිරීමකට එකී ප්‍ර‍තිපාදනය යොදා ගත නොහැකි බවත් මෙමගින් පෙන්වා දී ඇත.

එමෙන්ම මෙම නීති යුධ සහ නාවික රෙගුලාසි යටතේ පවත්වාගෙන යන ආපනශාලා, අලෙවිසල් හෝ තැබෑරුම් සදහා අදාල නොවන බව සුරාබදු ආඥාපනතෙහි 5 වගන්තියෙහි දක්වා ඇති බව එනිසා ත්‍රිවිධ හමුදාවෙහි සිටින කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමේ සහ ඒවායෙහි සිට මත්පැන් පරිබෝජනය කිරීමේ හැකියාව ඇති බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

එය අනිකුත් ලාංකීය ස්ත්‍රී වර්ගයාට සිදුකල විශාල වෙනස්කමක්ද වන බව පෙන්වා දෙන ඔවුන් පෙන්වා දෙන්නේ මත්පැන් මිලදී ගන්නවාද, පරිභෝජනය කරනවාද යන්න තම අභිමතය අනුව සිදුවිය යුත්තක් බවත් එයට සීමාවන් නියම කිරීමට කිසිවකුට නොහැකි බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න