රත්නපුරට ගංවතුර අවදානමක් !

රත්නපුරට ගංවතුර අවදානමක් !

කළු ගංගා ධාරා ප්‍රදේශයට මේ වන විට ලැබෙමින් පවතින වර්ෂාපතනය හේතුවෙන් කළු ගගෙහි ජල මට්ටමට රත්නපුර ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතී.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව ඉදිරි පැය කිහිපය තුළ ද වැසි තත්ත්වය මෙලෙසම පවතී යැයි අනාවැකි පළ කර ඇත.

පසුගිය පැය විසිහතරක කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල මිලිමිටර් 59.0ක් ද, පලාබද්දල ප්‍රදේශයට මිලිමිටර් 99.0, ගිලීමලේ ප්‍රදේශයට මිලිමිටර් 92.0, කුඩාවැව ප්‍රදේශයට මිලිමිටර් 172.0 කද, වලබොඩ ප්‍රදේශයට මිලිමිටර් 107.0 ක ද, ගලබොඩ ප්‍රදේශයට මිලිමිටර්106.0 ක ද වර්ෂාපතනයක් වාර්තා වී ඇත.

එසේම මහනුවර ප්‍රදේශයට මිලිමිටර් 115.0 ක ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලක්ෂපාන ප්‍රදේශයට මිලිමිටර්110.0 ක් ද ඩන්කල් වතුයාය ප්‍රදේශයට මිලිමිටර්120 ක් ද ඇල්ටන් වතුයාය ප්‍රදේශයට මිලිමිටර් 119 ක වර්ෂාපතනයක් වාර්තාවී ඇත.

රත්නපුර ආශ්‍රිත කළු ගංගා සහ ඊට සම්බන්ධ අතු ගංගා වල දෙපස පහත් බිම් ප්‍රදේශවල වාසය කරන ජනතාව ගංවතුර තත්ත්වය පිළිබදව දැඩි අවදානයෙන් සිටින ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටී. එසේම අවදානමින් මිදීම සදහා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් දැනුම් දේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න