ජනාධිපතිවරණය කල් දැමීමේ එකම අවස්ථාව : මැකොස පෙන්වා දෙයි !

ජනාධිපතිවරණය කල් දැමීමේ එකම අවස්ථාව : මැකොස පෙන්වා දෙයි !

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමට නොහැකි වන්නේ මුරුගසන් වර්ෂාව වැහැලා ලෝක විනාශය වුවහොත් පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ‘නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා මාධ්‍ය භූමිකාව’ සම්බන්ධයෙන් රාජගිරිමේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුව අමතමින්ය.

එසේ නොමැතිව ජනාධිපතිවරණය කිසිදු කල් දැමීමට කිසිදු හැකියාවක් නැති බවද සභාපතිවරයා එහිදී අවධාරණයෙන් පවසා තිබේ.

ජනාධිපති සිරිසේනට සොරි !

පසුගිය අවස්ථා ගණනකදී ශ්‍රීලනිප පාර්ශවය වෙතින් වාර්තා වූයේ ජනාධිපති සිරිසේන ජනාධිපතිවරණය කල් දැමීම සඳහා විවිධ උත්සාහයන් ගනිමින් සිටින බවය. ඒ බව එම පක්ෂයේ ඇතැම් මාධ්‍ය හමු වලදීද අනාවරණය විය.

එසේම ඒ වෙනුවෙන් ජනාධිපති සිරිසේනගේ ධූර කාලය ආරම්භ වන දිනය සම්බන්ධව පවා ප්‍රශ්න ඇතිකර ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් හරහා හෝ වාසි සහගත තීන්දුවක් ගැනීමට ජනාධිපති පාර්ශවයේ උත්සහයක් දියත්වූ බවත් මාධ්‍ය වාර්තා වල දැක්විණ.

නමුත් මැතිවරණ කොමිසමේ සභාපතිගේ මේ ප්‍රකාශය අනුව පෙනී යන්නේ ජනාධිපති සිරිසේනගේ පාර්ශවයේ ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථව යන බවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න