මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ලංකා හොස්පිටල් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කිරීම නිසා ඔහුට එරෙහිව මාධ්‍ය හමු පවත්වමින් බැනවදිමින් සිටින කුප්‍රකට ව්‍යාපාරික පුජ්‍ය තීනියාවල පාලිත භික්ෂුව ගෙන් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු අපේක්ෂා කරයි.
ධන උල්පතක් අහිමිවීමේ ශෝකය :
තීනියාවල පාලිත භික්ෂුවට හදිසියේ ඇමති මංගල සමරවීර හොරෙකු මෙන් පෙනෙන්නට පටන්ගත්තේ, ඔහු මුදල් අමාත්‍යාංශය බාර ගැනීමෙන් පසු ආණ්ඩුවට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි ලංකා හොස්පිටල්ස් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් පුජ්‍ය තීනියාවල භික්ෂුවට ඉල්ලා අස්වන්නැයි දැනුම්දීම නිසාය.
රවි කරුණානායක මුදල් ඇමැතිධූරය දැරූ සමයේ ලංකා හොස්පිටල්ස් රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලයට උන්වහන්සේව පත් කර තිබිණ.
ඒ වකවානුවේ වැටුප් සහ අධ්‍යක්ෂ මණ්ඩල සැසිවාර වලට සහභාගී වීම වෙනුවෙන් තීනියාවල භික්ෂුව ලක්ෂ 54 ක පමණ මුදලක් උපයාගෙන තිබුණු බැවින් ඇමති මංගලගේ ඉල්ලීම අනුව උන්වහන්සේ ධූරයෙන් ඉල්ලා අස්වූයේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ අගමැති රනිල් වික්‍රමසිංහට මේ ගැන පැමිණිලි කර තිබිණ.
ඒ පිලිබඳ ඇමති මංගල ගෙන් විමසූ අගමැති රනිල්ට මංගල පවසා තිබුනේ තමන් ප්‍රතිපත්තියක් ලෙස භික්ෂූන් තම ආයතන වල අධ්‍යක්ෂක ධූර වලට පත් නොකරන බවයි. ඔහු වැඩිදුරටත් අගමැතිවරයාට පවසා ඇත්තේ මේ වැරදි පූර්වාදර්ශය දේශපාලනඥයන් විසින් දිගටම කළහොත් දිනෙක ඉංජිනේරු සංස්ථාවේ සභාපති ධූරයට ද භික්ෂුවක පත් කරනු ඇති බවයි.
අගමැතිවරයා මංගලගේ ප්‍රතිපත්තියට ඉඩ දුන් අතර තීනියාවල භික්ෂුවට සල්ලි උල්පතක් වූ ලංකා හොස්පිටල්ස් අධ්‍යක්ෂ ධූරය අහිමි විය.
ඉන් කෝපයට පත්ව සිටින තීනියාවල භික්ෂුව කවුරුන් හෝ දුන් වැරදි තොරතුරු අනුව මංගල සමරවීර හොරෙක් ලෙස චෝදනා කෙළේය. දැන් උන්වහන්සේට ඒ පිලිබඳ අධිකරණයේ දී කරුණු කීමට සිදුවනු ඇත.
පසුගියදා තමාට එල්ල කරන ලද ව්‍යාජ චෝදනා වලට වන්දි වශයෙන් රුපියල් මිලියන 1000 ක් තීනියාවල පාලිත භික්ෂුව ගෙන්ද, කිසිදු සොයා බැලීමකින් තොරව ඒ ව්‍යාජ පුවත ප්‍රචාරය කළ හිරු නාලිකා අධිපති රෙනෝ ද සිල්වාගෙන් තවත් රු.මිලියන 1000 ක්ද, දෙරණ නාලිකා අධිපති දිලිත් ජයවීරගෙන් තවත් රු.මිලියන 1000 ක්ද වන්දි ඉල්ලා නඩු පැවරීමට ඇමති මංගල සමරවීර සිය නීතිඥයන්ට බාර දී තිබේ.
පාලිත භික්ෂුව විසින් මංගල සමරවීර ඉලක්ක කර ගනිමින් මඩ මෙහෙයුමක් ආරම්භකර ඇත්තේ ඇයිද කියන කාරණය පහත වීඩියෝවේ සවිස්තරව සඳහන් වේ.
තීනියාවල පාලිත හිමි මහජන දේපළ වළඳපු හැටි මෙන්න
තීනියාවල පාලිත භික්ෂුවට එරෙහිව නීතිය අකුරට ක්‍රියාත්මක කර පෙන්වා යහපාලනයේ ගරුත්වය ආරක්ෂා කර නොගන්නේ නම්, මෝඩ වඳුරන්ගේ කඩු පහරින් රනිල් නැති වනු නිසැක යයි 'ලංකා ඊ නිව්ස්' මිට ඉහත දී අනතුරු අඟවා තිබිණ.
සත්‍ය වශයෙන්ම යහපාලන ආණ්ඩුව අද පවතින අඩියට දැම්මේ මෙවැනි දූෂිතයන්ය.
(ලංකා ඊ නිව්ස්)
සබැඳි පුවත් :
සාදු තීනියාවල පාලිත : බිලියනයක් ලෑස්ති කරගන්න - ඇමති මංගල දන්වයි !
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
