'බැඳුම්කර විවාදය කල් දැමුවේ දූෂිත ප්‍රභූන්ගේ හොර සන්ධානයක්' - ජනාධිපති

'බැඳුම්කර විවාදය කල් දැමුවේ දූෂිත ප්‍රභූන්ගේ හොර සන්ධානයක්' - ජනාධිපති

බැඳුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඡන්දයට පසු පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි අප්‍රසාදය පළ කර සිටියි.

පානදුර ප්‍රදේශයේ පැවති සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ජනාධිපතිවරයා ඒ බව කියාසිටියේ ය.

පළාත් පාලන මැතිවරණයට පෙර හැකි නම් බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සහ අනෙක් මහා පරිමාණ වංචා සම්බන්ධ වාර්තා පිළිබඳ විවාදය පවත්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී අභියෝග කළේය.

එමෙන්ම මහබැංකු බැ`දුම්කර කොමිසන් සභා වාර්තාව සහ බරපතළ වංචා දූෂණ පිළිබ`ද සොයා බැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසන් සභා වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තුවේ හඩනැ`ගු පිරිස් එම වාර්තා තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දූෂිත ප්‍රභූන්ගේ සන්ධානයක් ගොඩන`ගා ගනිමින් එම වාර්තා විවාදයට ගැනීම ප්‍රමාද කළ බවද ජනාධිපතිවරයා දැඩි ආවේගයෙන් යුතුව ප්‍රකාශ කර සිටියේය.

 හඬපටය

 දූෂණ වංචා පිළිබද කථා කිරීමට තමා සමග විවාදයකට පැමිණෙන්නැයි තමන් මේ රටේ සියලූ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින්ට අභියෝග කරන බව ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

මහබැංකු මංකොල්ලය සිදුකරමින් සහ බරපතළ වංචා දූෂණ සිදුකරමින් මේ රටේ රාජ්‍ය සම්පත් සහ මහජන මුදල් කොල්ලකෑවේ කවුදැයි ජනතාව හො`දින් දන්නා බව පැවසූ ජනාධිපතිවරයා, ජනතාවට කිසිදා සත්‍ය වසන් කළ නොහැකි බව ද කියා සිටියේය.

හොර සාකච්ජාවක් ?

මෙම කොමිසන් සභා වාර්තා පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර දින මෙම ප්‍රභූ දූෂිත සන්ධානය බොරැල්ලේ නිවසක හමුවී පක්ෂ, පාට, ජාති සහ භාෂා බේදයකින් තොරව සන්ධානගත වූයේ තම දූෂිත ක්‍රියාවන් වසන් කර ගැනීමට බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

අදාළ වාර්තා පාර්ලිමේන්තුවේ විවාදයට ගත්තානම් බොහෝ දෙනෙකුගේ වැරදි රටට හෙළිවන බව පැවසු ජනාධිපතිවරයා, පෙබරවාරි 10 වනදා පැවැත්වෙන මැතිවරණයට පෙර හැකිනම් එක් දිනක් හෝ එම වාර්තා විවාදයට ගන්නැයි තමන් ඔවුන්ට අභියෝග කරන බව ද කියා සිටියේය.

මහින්දට පිළිතුරක් :

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා ඒ ස`දහා ඡන්දය භාවිතා කළේ හෝ එදින පාර්ලිමේන්තුවට පැමිණියේ ද නැති බවත්, පාර්ලිමේන්තුවෙන් පිටත සිට රවී කරුණානායක මහතාට සුබ පැතු අන්දමත් පිළිබ`ද තමා පසුගියදා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් එවැනි විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙන ඇවිත් නැති බවට, හිටපු ජනාධිපතිවරයා කර තිඛෙන ප්‍රකාශය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා, අදාළ දිනයේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව ද ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ එදා පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රීවරුන්ගේ නාම ලේ්ඛණයේ හිටපු ජනාධිපතිවරයාගේ නම ස`දහන්ව තිඛෙන බවයි.

ජනතාව රැවටීම හෝ මුලා කිරීමට කිසිදු දේශපාලන පක්ෂයකට හැකියාවක් නොමැති අතර නීතිය ඉදිරියේ ඒකාන්තයෙන්ම වංචා දූෂණ සිදුකළ සියලූදෙනා වැරදිකරුවන් බවට පත්වන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න