තැපෑලේ OT : කෝටිය පනියි !

තැපෑලේ OT : කෝටිය පනියි !

තැපැල් දෙපාර්තමේන්තුවේ දිනකට රුපියල් කෝටියකට අධික අතිකාල ගෙවීමට සිදුව ඇති බවත් ඒ අතුරින් මධ්‍යම තැපැල් හුවමාරුව, මහනුවර, අනුරාධපුරය වැනි ප්‍රධාන පෙළේ තැපැල් කාර්යාලයන්හි අතිවිශාල අතිකාල ප්‍රමාණ වාර්තා වන බවත් දැනගන්නට ඇත.

තැපැල් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පවතින නිලධාරී හිඟය මීට බලපා තිබේ.

එසේම මේ තත්ත්වය හමුවේ තැපැල් දෙපාර්තමේන්තුව දැඩි මුල්‍ය අර්බුදයකට ලක්වීමේ පවා අවදානමක් මතුව තිබෙන අතර වැඩ වර්ජන, තැපැල් සේවාව භාවිත කරන පිරිස විශාල ලෙස අඩු වෙමින් පැවතීම වැනි කාරණාද ඊට බලපා ඇතැයි ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 1150ක හා කනිෂ්ඨ නිලධාරීන් එමෙන් දෙගුණයකගේ පමණ හිඟයක් පවතින අතර, මේ නිසා සේවාවන් පවත්වා ගැනීමට පවා බාධා පැමිණ ඇත.

මේ අතිකාල ප්‍රමාණයට අමතරව සේවක වැටුප් සඳහා වසරකට දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 7500ක් හෙවත් මසකට රුපියල් මිලියන 625ක් පමණ වැය වන බවත් වාර්තා වේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න