එජාප සන්ධානය සූදානම් : ගිවිසුම් අත්සන් කිරීම අගෝස්තු 05 !

එජාප සන්ධානය සූදානම් : ගිවිසුම් අත්සන් කිරීම අගෝස්තු 05 !

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන අතර ඔහු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයකු බව මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.

එක්සත් ජාතික පක්ෂය තවත් හවුල්කාර පක්ෂ රැසක් එක්කර සන්ධානයක් ගොඩනගන අතර එම සන්ධානයට අදාලව පක්ෂය සමඟ අගෝස්තු මස 5 වැනි දින කොළඹදී ගිවිසුමක් අත්සන් කරන බවද මහලේකම්වරයා අනාවරණය කර තිබේ.

පුළුල්තම පෙරමුණ එජාපයේ !

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ ලංකා ඉතිහාසයේ පුළුල්තම දේශපාලන පෙරමුණ අගෝස්තු 05 වනදා හෝ ඊට ආසන්න දිනයක එළිදැක්වීමට නියමිත බවය.

මේ වන විට අදාල පක්ෂ නායකයන් සමග පැවති සාකච්ඡා ඉතා සාර්ථකව අවසන් කර ඇති බවත් එම පුළුල්තම සන්ධානයේ ව්‍යවස්ථාව සහ සංයුතිය සම්බන්ධව පවා තීන්දු තීරණ ගෙන අවසන් බවත් එම දේශපාලන ආරංචි මාර්ග තහවුරු කර සිටියි.

සාමාජිකයක පක්ෂ මෙන්න !

එසේම එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන ආකාරයට ඒකාධිපති, ජාතිවාදී වැඩවසම් දැක්මෙන් යුතු රාජපක්ෂ කඳවුරට එරෙහිව ගොඩනැගීමට නියමිත එක්සත් ජාතික පක්ෂය ගොඩනැගීමට අපේක්ෂිත සන්ධානය සදහා උතුර නැගෙනහිර ඇතුළු දිවයිනම ආවරණය කරන ප්‍රධාන පක්ෂ එක්ව තිබේ.

ඒ අනූව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයා වෙත ආර්. සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ජාතික සන්ධානය , රවුෆ් හකීම් ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසය , රිෂාඩ් බදියුදීන් ගේ නායකත්වයෙන් යුතු සමස්ථ ලංකා මුස්ලීම් කොංග්‍රසය , පී. දිගම්බරන් ගේ නායකත්වයෙන් යුතු ජාතික කම්කරු සංගමය , මනෝ ගනේෂන් ගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ , පාඨලී චම්පික රණවක ගේ නායකත්වයෙන් යුතු ජාතික හෙළ උරුමය , පමණක් නොව 2015 රාජපක්ෂ රෙජීම පාලනය පරාජය කිරීමට එක්වූ සිවිල් සමාජ සහ වෘත්තීය සමිති , කුඩා දේශපාලන සංවිධාන ඇතුළු කණ්ඩායම් , සංවිධාන රැසක සහයෝගය ලැබී තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න