රූපවාහිනී සංස්ථාවේ සභාපති පොරය ඇවිලෙයි !

රූපවාහිනී සංස්ථාවේ සභාපති පොරය ඇවිලෙයි !

ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරය සම්බන්ධව බරපතළ කුළල්කා ගැනීමක් මතුව ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මේ වන විට රූපවාහිනී සංස්ථාවේ සභාපතිනිය ලෙස කටයුතු කරන්නේ ඉනෝකා සත්‍යාංගනී වන නමුත් ජනමාධ්‍ය අමාත්‍ය (කැබිනට් නොවන ) රුවන් විජයවර්ධන විසින් සංජීව විජේගුණවර්ධන නම් අයෙකු ඒ සඳහා පත්කර ඇත.

අමාත්‍ය රුවන් විජයවර්ධන විසින් අදාළ පත්වීම සිදුකර තිබෙන ලිපිය නිකුත්කර ඇත්තේ 2019-07-18 වනදාය.

අමාත්‍යවරයා ලබාදුන් පත්වීම
IMG 20190722 WA0003ඒ අනුව ඔහු අද දිනයේ සිය පත්වීම ලබාගැනීම සඳහා ජාතික රූපවාහිනී සංස්ථාව වෙත ගොස් ඇති නමුත් ධුරයෙන් ඉවත්වීමට තමන්ට කිසිඳු දැනුම්දීමක් සිදුකර නොමැති බව දන්වමින් එම ආයතනයේ වත්මන් සභාපතිනී ඉනෝකා සත්‍යාංගනී අසුන සංජීව විජේගුණවර්ධන වෙත ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ අතර වැඩිදුරටත් වාර්තා වන්නේ රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරය සඳහා සංජීව විජේගුණවර්ධන පත්කිරීමට ඉල්ලා විෂය භාර අමාත්‍ය රුවන් විජයවර්ධන සිදුකළ ඉල්ලීම ජනාධිපති සිරිසේන විසින් ප්‍රතික්ෂේප කර ඇති බවය. ඒ බව දැනුම් දෙමින් ජනාධිපති ලේකම් විසින් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් දැනුවත් කර ඇති අතර ඊට අදාළ ලිපිය පහත දැක්වෙයි.

IMG 20190722 WA0002

සාමාන්‍යයෙන් තමන් යටතේ වූ ආයතන සඳහා එකී ආයතන ප්‍රධානීන් පත්කිරීමේ අවස්ථාව විෂය භාර අමාත්‍යවරයා සතු වුවත් පසුගිය සමයේ ඒ වෙනුවෙන් ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ කමිටුවක් පත්කර තිබේ. ඒ අනුව සිදුකරනු ලබන සියළු පත්වීම් සඳහා මේ කමිටුවේ අනුමැතිය ගැනීමට සිදුව ඇත.

මීට පෙරද රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරය සඳහා අමාත්‍ය රුවන් විජයවර්ධන විසින් සුදර්ශන ගුණවර්ධන සහ ශාන් විජේතුංග යෝජනා කළ නමුත් ඒ නම් ද ජනාධිපතිගේ පාර්ශවය විසින් ප්‍රතික්ෂේප කර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න