චමල්ව උස්සගෙන වාසු කරළියට !

චමල්ව උස්සගෙන වාසු කරළියට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා චමල් රාජපක්ෂ විය යුතු බවට තම ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි ද අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත්වීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා පැවසීය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ අලුතින් පත්වන ජනාධිපතිවරයාගේ විධායක බලතල යම්දුරකට අහිමිවී අග්‍රාමාත්‍යවරයාට වැඩි බලයක් හිමිවන බවද මන්ත්‍රීවරයා කීය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා දේශපාලනඥයකු වීමට සුදානම් නම්, ඔහු වටා ජනබලවේගයක් ගොඩ නැගිය යුතු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න