එජාපය-පොහොට්‌ටු සාකච්ඡා : ජනපතිට මඩ ගහන්න කොන්ත්‍රාත්තුවක් !

එජාපය-පොහොට්‌ටු සාකච්ඡා : ජනපතිට මඩ ගහන්න කොන්ත්‍රාත්තුවක් !

මේ වන විට ඉහල ජනප්‍රියත්වයක් දිනාගෙන සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනප්‍රියත්වය අඩු කිරීම සදහා විවිධ ආකාරයේ කුමන්ත්‍රණ සාකච්චා සිදුවෙමින් ඇති බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

මේ අතර ජනාධිපතිවරයාද පසුගියදා කියා සිටියේ තමනට මඩ ගැනීම සදහා රාජපක්‍ෂ පිල විසින් සමාගමකට කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවයි.

වීඩියෝ 

එජාපය එක්‌ක ආණ්‌ඩුවක්‌ හදන්න :

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්‍ෂ භේදයකින් තොරව වංචනිකයන්ට සහ දූෂිතයන්ට දඬුවම් දීම වළක්‌වාලීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්‌ව වෙනම ආණ්‌ඩුවක්‌ සෑදීමට සාකච්ඡා පවත්වන බවට තොරතුරු ලැබී ඇතැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසිය.

ඒ සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල ඇමැතිවරයකු සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා පවත්වා තිබෙන බවට ද තොරතුරු ලැබී ඇතැයි කී ඇමැතිවරයා ඉදිරි දින කිහිපය තුළ අදාළ පුද්ගලයන් සහ සාකච්ඡා වූ කරුණු පිළිබඳ සියල්ල හෙළිදරව් කරන බවද කීවේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැති ඇමැතිවරුන්ට ආණ්‌ඩුවෙන් ඉවත් වන ලෙස පොදුජන පෙරමුණ බල කරන්නේ මේ නිසා බවද ආණ්‌ඩුවෙන් ඉවත් වූ පසු එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ නව ආණ්‌ඩුවක්‌ සෑදීමට මොවුන් කටයුතු කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න