බැඳුම්කර කොමිසම් වාර්තාවට වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයෙන් පැමිණිල්ලක්

බැඳුම්කර කොමිසම් වාර්තාවට වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයෙන් පැමිණිල්ලක්

ජනාධිපති බැඳුම්කර කොමිසම් වාර්තාවට අනුව,සේවක අර්ථසාධක අරමුදලට සහ අනෙක් ව්‍යවස්ථාපිත හා ආණ්ඩුවේ ආයතනවලට භාණ්ඩාගාර බැඳුම්කර අලෙවියෙන් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලැබූ හෝ ලබාගත් මූල්‍ය වාසිය වන රුපියල් බිලියන 8.53 එසේ ලබා ගෙන ඇත්තේ ‘‘අභ්‍යන්තර තොරතුරු’’ යොදා ගැනීමෙන් සහ වෙළෙඳපල කූට ලෙස හැසිරවීමෙන් බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

 පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලද ලාභයෙන් විශාලම පංගුව ලබා ඇති ගනුදෙනු වන්නේ, පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම සේවක අර්ථසාධක අරමුදලට විකුණූ භාණ්ඩාගාර බැඳුම්කර, නැවත අඩු මිලකට සේවක අර්ථසාධක අරමුදලෙන් මිලට ගෙන, ඒවා නැවතත් සේවක අර්ථසාධක අරමුදලට විකුණා, නැවත වරක් එම භාණ්ඩාගාර බැඳුම්කර පෙරටත් වඩා අඩු මිලකට සේවක අර්ථසාධක අරමුදලෙන් මිලට ගැනීමෙන් බව එම නිවේදනයේ දැක්වේ.

මේ අනුව සේවක අර්ථසාධක අරමුදලේ ගනුදෙනු හේතුවෙන් පාඩු සිදුව ඇතිදැයි පරීක්ෂාකර එසේ සිදුව ඇතිනම් ඊට වගකිව යුත්තන්ගෙන් එම පාඩුව අය කර ගැනීමටත් යම් ප‍්‍රතිලාභ සඳහා කිසිවකු සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් ගනුදෙනුවල යෙදී තිබේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම නොපමාව හා ස්වාධීනව කි‍්‍රයාවට නැගිය යුතු අතරම ජාතික කම්කරු උපදේශක සභාව සමග කටයුතු කිරීම සඳහා නීති හා කළමණාකර විශේෂඥ කමිටුවක් වහා පත් කරන මෙන් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය වෙනුවෙන් නිවේදනයක් නිකුත්කරමින් එහි සම ලේකම් ඇන්ටන් මාකස් මහතා පෙන්වා දෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න