'කතානායකතුමා රවීට අවස්ථාවක් නොදුන් එක හොඳට ගියා' - ජනාධිපති

'කතානායකතුමා රවීට අවස්ථාවක් නොදුන් එක හොඳට ගියා' - ජනාධිපති

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් කිරීමට කථානායකවරයා අවස්ථාවක් ලබා නොදීම යෝග්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රවී කරුණානායක මහතා එම ප්‍රකාශය සිදු කළේ නම් එය ඔහු විසින් සියදිවි හානි කර ගැනීමක් වනු ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුනි.

ප්‍රශ්ණගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් තම ප්‍රකාශය වැරදි සහගත බවට රවී කරුණානායක මහතා මෙන්ම ඇතැම් පාර්ශව සිදු කරන ප්‍රකාශ පදනම් විරහිත බව ද බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

අද (26) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ පුවත්පත් කතෘවරුන් සමඟ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම කාරනා සඳහන් කළේය.

 රවී කියපු කතාව ?

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවීමක් සම්බන්ධව පාර්ලිමේන්තුවේ සිදුකිරීමට නියමිතව තිබූ විශේෂ ප්‍රකාශයට කතානායක කරූ ජයසූරිය මහතා විසින් අවස්ථාවක් නොදීම හේතුවෙන් රවී කරුණානායක මහතා එම තමා විසින් කිරීමට සැලසුම්කර තිබු ප්‍රකාශයේ ලිඛිත සටහන මාධ්‍යවෙත ලබාදී තිබිණ.

බැඳුම්කර වාර්තාවේ කරුණු අනාවරණය කරමින් ජනාධිපතිවරයා ජාතිය අමතා කල කරුණු වලදී තමා සම්බන්ධයෙන් කල ප්‍රකාශත්, බැඳුම්කර වාර්තාවේ තමා ගැන සඳහන් කරුනුත් අතර බරපතල පරස්පරයක් ඇතිබව අවධාරණය කර සිටින රවී කරුණානායක මහතා, බැඳුම්කර වාර්තාව තුලින් තමාවත් අගමැතිවරයවත් එක්සත් ජාතික පක්ෂයත් නිදොස් කොට නිදහස් කර තිබෙන බවද පවසා තිබිණ.

 

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න