සෙවනගල සිනි සමාගම පුද්ගලීකරණය කරන්න දෙන්න එපා : ඌව ආණ්ඩුකාරවරයාට ඉල්ලීමක්

සෙවනගල සිනි සමාගම පුද්ගලීකරණය කරන්න දෙන්න එපා : ඌව ආණ්ඩුකාරවරයාට ඉල්ලීමක්

සෙවනගල සීනි සමාගම පෞද්ගලිකරණය කිරීමට ඉඩ ලබා නොදෙන ලෙස එම සමාගමේ වෘත්තීය සමිති ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ වෙතින් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

වෘත්තීය සමිති නියෝජිතයන් මේ ඉල්ලීම ඉදිරිපත් කර තිබෙන්නේ පසුගියදා ආණ්ඩුකාරවරයා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී ය.

සෙවනගල සීනි සමාගම පෞද්ගලිකරණය හා වෙනත් ගැටළු සම්බන්ධයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත එහි වෘත්තීය සමිති විසින් යවනු ලැබූ ලිපියක් සම්බන්ධයෙන් පරික්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ මහතාට යොමු කිරීමෙන් පසු එම වෘත්තීය සමිති කැඳවා ආණ්ඩුකාරවරයා මෙම සාකච්ඡාව පවත්වා ඇත.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එම වෘත්තීය සමිති නිළධාරීන් පෙන්වා දී ඇත්තේ මෙම සමාගම රජය සතුව තිබුන කාලය තුළ ඉහල නිෂ්පාදනයක් පැවති බවත් ඒ අනුව ඉහලම ලාභයක්ද වාර්තා වූ බවත්ය. එසේම පෞද්ගලීකරණය කිරීමෙන් පසු සමාගමේ නිෂ්පාදනයන් පසුබෑමකට ලක්වූ අතර ඒ තුලින් දිවයිනේ සීනි නිෂ්පාදනයට බලපෑමක් සිදුවූ බවද වෘත්තීය සමිති නිලධාරීන් පෙන්වාදී ඇත.

තවද සමාගමේ වත්මන් සභාපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්‍ෂක මණ්ඩලය කැපවීමෙන් කටයුතු කරන බවත් එමඟින් කර්මාන්ත ශාලාවේ ඇඹරුම් ධාරිතාවය ටොන් 800 සිට ටොන් 1200 දක්වා වැඩිවූ බවද ඒඅනුව විශාල ලාභයක් උපයගනිමින් දේශීය සිනි නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලබා ගත හැකි බවත් රජයට ගෙවිය යුතු හිඟ මුදල් ගෙවා අවසන් කරනමින් පවත්නා බවද පෙන්වාදීමට වුත්තීය සමිති නියෝජිතයන් කටයුතු කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න