මහින්දට බලය අල්ලන්න : ව්‍යවස්ථාව යළිත් සංශෝධනයට !

මහින්දට බලය අල්ලන්න : ව්‍යවස්ථාව යළිත් සංශෝධනයට !

ජීවිත කාලයම ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට හැකි වන ආකාරයට ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පොහොට්ටු පාර්ශවයේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

ඒ මේ වන විට එම පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධව ඇතුළු හිටපු ජනාධිපති , වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙත බලය ලබා ගැනීමට වත්මන් ව්‍යවස්ථාව තුළ ඉඩහසර නොමැති වීම පදනම් කරගෙනය.

එකී පදනම අනූව දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවලියක් ලබන ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද (26) පවසා තිබෙන බව වාර්තා වෙයි.

මීළඟ ආණ්ඩුව බලයට පත්වූ පසු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවල සහයෝගය ලබාගෙන ව්‍යවස්ථා වෙනසක් කරන බවද විපක්ෂනායකවරයා එහිදී පවසා ඇත්තේ ද ඒ අනුවය.

ඒ සඳහා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් පවත්වන බවද මහින්ද රාජපක්ෂ සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න