දකුණු ආසියාවේ විශාලතම පක්ෂය ලංකාවේ : හොයාගත්තේ ප්‍රසන්න !

දකුණු ආසියාවේ විශාලතම පක්ෂය ලංකාවේ : හොයාගත්තේ ප්‍රසන්න !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කරලා සුළු කාලයක් ගත වන විට දකුණු ආසියාවේ සුවිශාලතම පක්ෂය බවට අද පත්ව තිබෙන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසයි.

මන්ත්‍රීවරයා මේ අදහස් දැක්වීම සිදුකර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසනයේ නීතිඥ සංගමය ආරම්භ කිරීමේ උත්සවය අමතමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පවසා තිබේ.

පක්ෂය හදලා දිස්ත්‍රික් සහ ආසන බල මණ්ඩල හදලා, කාන්තා සහ තරුණ සංවිධාන හදලා විශාල වැඩකොටසක් මේ වන විට කරලා තිබෙනවා. ඒ වගේම ඉතාම කෙටි කලක් තුළ පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරන්න අපට හැකියාව ලැබුණා.

ඒ ජයග්‍රහණයත් සමඟ ඉදිරි වැඩපිළිවෙළ සකස් කරගන්න අපට දැන් අවස්ථාව ලැබිලා තිබෙනවා. මේ වසර තීරණාත්මක වසරක්. වසර අග දි ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. ඒ වගේම ජනාධිපතිවරණය කලින් පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවකුත් අහන්නට ලැබෙනවා. එහෙම වුණොත් ඔක්තෝම්බර් මාසයේ දි පමණ අපට පළාත් සභා මැතිවරණයට මුහුණ දෙන්නට සිදුවෙයි.

අද වන විට රටේ පවතින තත්ත්වයත් සමඟ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ හැකියාව අපට තිබෙනවා. ආණ්ඩුව ඡන්දවලට බයයි. පළාත් පාලන මැතිවරණය වසර දෙකක් කල්දැම්මා. පළාත් සභා මැතිවරණයත් දැන් දීර්ඝ කාලයක් තිස්සේ කල්දමමින් ඉන්නවා. ආණ්ඩුව මැතිවරණ කල්දමන්නෙම ඒවා ජයග්‍රහණය කරන්න පුළුවන්කමක් නැති බව දන්න නිසයි.

නීතිඥයන් පවා එහෙයියන් කළ පොහොට්ටුවක් !

ඝාතන, රාජ්‍ය දේපළ සහ මූල්‍ය අවභාවිතය අතින් ආසියාවේ පමණක් නොව ලෝකයෙන්ම කිරුළු පැළඳි පැවති රාජපක්ෂ පාලනය රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය ප්‍රයෝජනයට ගෙන නැවත බලය ඇල්ලීමේ සූදානමක පසුවන බවත් ඒ වෙනුවෙන් සමාජය තුළ වැපිරූ බොරු වල කූඨප්‍රාප්තිය "පොහොට්ටුව දකුණු ආසියාවේ විශාලතම පක්ෂය බව පැවසීමෙන් තහවුරු වන බව දේශපාලන විචාරකයන් පවසා තිබේ.

නාසි පාලන ක්‍රමයක් !

මෙවැනි විකාර සහගත ප්‍රකාශ මන්ත්‍රීවරුන් සිදුකරන්නේ නොදැන නොවන බවත් තම පාක්ෂිකයන් ගැන පොහොට්ටු ප්‍රබලයන් සතු තක්සේරුව එයින් ගම්‍ය වන බවත් ඔවුන් පෙන්වා දෙයි. එසේම මේ පිලිබඳ අදහස් දැක්වූ විචාරකයකු සඳහන් කර සිටියේ "නීතිඥයන් බඳු විද්වත් වෘත්තිකයන් හමුවේ පවා මෙවැනි අමනෝඥ අදහස් දැක්වීම සහ ඔවුන් අත්පොළසන් දෙමින් ඒ අනුමත කිරීම තුළ විධානයට ගරු කරන හරි හෝ වැරදි නොදකින නාසි පාලන ක්‍රමවෙයක් මේ වන විටත් පොහොට්ටු අභ්‍යන්තරයේ නිර්මාණය කර ඇති බවට අවිඥානික සාක්ෂියක් සපයන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න