මිලියන 550ක් - ටාටා සමාගමෙන් කොමිස් අරගෙන : ගෝඨා මාට්ටු !

මිලියන 550ක් - ටාටා සමාගමෙන් කොමිස් අරගෙන : ගෝඨා මාට්ටු !

කොළඹ කොම්පඥ්ඥ වීදියේ ඉන්දියාවේ ටාටා සමාගම විසින් සිදුකරන මහා පරිමාණ තට්ටු නිවාස ව්‍යාපෘතියකින් (One-Colombo Project) ඇමරිකානු ඩොලර් මිලියන තුනක කොමිස් මුදලක් ලබාගැනීම සදහා එම ව්‍යාපෘතියට අදාළ මූලික ගිවිසුම් අත්සන් කල 2014 වසරේදී එවකට ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කටයුතු කර ඇති බව අනාවරණය වනවා.

ටාටා සමාගම විසින් සිංගප්පූරුවේ ලියාපදිංචි No1, North Bridge Road, #21-05, High Street Center, Singapore ලිපිනයේ පිහිටි S3A Asset Pte Ltd සමාගමේ Shamraz Yehiya නමැති මුස්ලිම් ජාතිකයා වෙත මෙම මුදල ICICI බැංකුවේ කොළඹ 07 ශාඛාව හරහා ගෙවා ඇති අතර ව්‍යාපෘතිය සදහා උපදේශන සේවා සැපයීමට යැයි පවසා මෙම මුදල සිංගප්පූරු සමාගම වෙත ගෙවන ලෙස ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේඛම්වරයා විසින් ඉන්දියාවේ ටාටා සමාගමට උපදෙස් ලබාදුන් බවට තොරතුරු වාර්තා වී තිබේ.

සිංගප්පූරුවේ යුනයිටඩ් ඕවර්සීස් බැංකුවේ ගිණුම් අංක 364-905-824-3 දරණ ගිණුමට මෙම මුදල බැර කර ඇත.

කෙසේ වෙතත් මෙම සිංගප්පූරු සමාගම හෝ එම සමාගම වෙනුවෙන් පෙනී සිටි මුස්ලිම් ජාතිකයා One-Colombo ව්‍යාපෘතිය වෙනුවෙන් ඉන්දියාවේ ටාටා සමාගමට කිසිදු උපදේශණ සේවාවක් සපයා නොමැත.

මේ වනවිට මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතී.

ශ්‍රී ලංකා රජයේ සහ ඉන්දියාවේ ටාටා සමාගමේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියේ මෙම කොමිස් ලබාගැනීම නිසා නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 550ක අතිරේඛ වැයබරක් දැරීමට සිදුවී ඇති බව වාර්තා වනවා.

Screenshot 20190729 180244

Screenshot 20190729 180314

Screenshot 20190729 180336

Infosrilankanews

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න