කතරගම පොලිස් වෙඩි පහරින් මිය ගිය තරුණයා වෙනුවෙන් CameraLK වෙතින් නිවසක්

කතරගම පොලිස් වෙඩි පහරින් මිය ගිය තරුණයා වෙනුවෙන් CameraLK වෙතින් නිවසක්

“CameraLK ප්‍රජා සත්කාර” වැඩසටහන යටතේ කතරගම ප්‍රදේශයේ අවාසනාවන්ත ලෙස පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූ තරුණයා වෙනුවෙන් ඔහුගේ බිරිඳට හා තුන් හැවිරිදි දරුවාට නිවසක් තනා දීම සදහා කැමරා එල්කේ. සමාගම දායකත්වය ලබාදීමට තීරණය කරන ලදි. ඒ සදහා ශ්‍රී ලංකා පොලීසිය සමඟ එක්වී ජනවාරි 25 දින නිවසේ වැඩකටයුතු ආරම්භ කිරීම සදහා මුල් ගල් තබන ලදි. මෙම දරුවාගේ උසස් පෙළ දක්වා අධ්‍යාපන කටයුතු සදහා සියලු විය හියදම් දැරීමට CameraLK සමාගම ඉදිරිපත් විය.

මෙම ව්‍යාපෘතිය දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට කටයුතු සූදානම්කර ඇත.

පසුගිය 20 වැනි දින රාත්‍රි 10.55ට පමණ වැඩිහිටි කන්ද දෙසට අණ නොතකා ධාවනය කළ බව කියන යතුරුපැදියකට මාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් යතුරුපැදියේ පැදිකරු කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.පොලිස් වෙඩි පහරට ලක්ව මියගියේ කතරගම නාගහවීදියේ පදිංචි 25 හැවිරිදි පතිරණලාගේ නිරෝෂන් නමැති එක්දරු පියෙක් වන අතර, කතරගම නගර සභාවේ ට්‍රැක්ටර් රථ රියැදුරකු ලෙස ඔහු කටයුතු කළේය.

{gallery}cemaaralk{/gallery}

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න