ජනාධිපතිගේ විදෙස් ගමන් තොරතුරු : ජනාධිපති කාර්‍යාලයේ නෑ කියලා !

ජනාධිපතිගේ විදෙස් ගමන් තොරතුරු : ජනාධිපති කාර්‍යාලයේ නෑ කියලා !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දක්වා සහභාගි වූ විදෙස් සංචාර පිළිබඳ තොරතුරු කිසිවක් ජනාධිපති කාර්යාලයේ නොමැති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්වූ දිනයේ සිට (2015-01-08) මේ දක්වා සහභාගි වූ විදෙස් සංචාර මොනවද යන්න පිළිබඳ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ පුරවැසියෙකු සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති කාර්යාලය මේ බව දන්වා ඇත.

ජනාධිපතිවරයා සහභාගි වූ විදෙස් සංචාර සහ එම සංචාරවලට සහභාගි වූ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලීම සිදුකර ඇති අතර, එම තොරතුරු නොමැති බව පවසමින් ජනාධිපති කාර්යාලය තොරතුරු ලබාදීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

තොරතුරු ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ නම් කළ නිලධාරියා වන ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්නට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, එයද ප්‍රතික්‍ෂේප කරමින් එම තොරතුරු ජනාධිපති කාර්යාලයේ නොමැති බවද සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා සම්බන්ධ තොරතුරු ජනාධිපති කාර්යාලයේ නොමැති බව සඳහන් කරමින් තොරතුරු ඉල්ලීම සහ අභියාචන ඉල්ලීම යන ඉල්ලීම් දෙකම ජනාධිපති කාර්යාලයෙන් ප්‍රතික්‍ෂේප කර ඇති බැවින් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න