නව සන්ධාන යෝජනාව සම්මතයි ?

නව සන්ධාන යෝජනාව සම්මතයි ?

නව සන්ධානයක් බිහිකිරීම සහ ඒ හරහා ඉදිරි මැතිවරණ වලට මුහුණදීම සම්බන්ධව අද (01) එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත්වූ යෝජනාව සම්බන්ධව විවිධ මාධ්‍ය විවිධ පුවත් වාර්තා කරමින් ඇත.

මහරාජා මාධ්‍ය ජාලය සතු news 1st වෙබ් අඩවිය මේ පුවත වාර්තා කර ඇත්තේ "එජාපයේ නව සන්ධාන යෝජනාව කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ප්‍රතික්ෂේප වෙයි" යන සිරස්තලයෙන් යුතුවය.

"එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ නමින් නව සන්ධානයක් බිහි කිරීම පිළිබඳ වූ යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වී තිබේ." යනුවෙන්ද එහි සඳහන් අතර වැඩිදුර විස්තර පහත පරිදිය.

123

Capture456

නමුත් මේ සම්බන්ධව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙකු එම යෝජනාවට විරෝධය දක්වා ඇති අතර එහිදී අජිත්. පී. පෙරේරා සහ සුජීව සේමසිංහ යන අමාත්‍යවරුන් දැඩි ආවේගයෙන් අදහස් දක්වා තිබේ.

ඒ හේතුවෙන් අදාළ යෝජනාව සම්බන්ධව කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ අදහස් විමසීමක් සිදුකර ඇති අතර එහිදී නව සන්ධානය පිහිටුවීමට අදාළව ඉදිරිපත්වූ යෝජනාව වැඩි ජන්දයෙන් සම්මතවී ඇත. ඒ යෝජනාවට පක්ෂව ජන්ද 35ක් සහ විපක්ෂව 8ක් වශයෙනි.

කෙසේ වුවත් යෝජනාව සම්බන්ධව සංශෝධන ඉදිරිපත් කිරීමට ඇත්නම් ඒ සඳහා හෙට (02) දිනය දක්වා කාලය ලබාදී ඇති බවත් එම සංශෝධන එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් වෙත ලබාදෙන ලෙසත් පක්ෂ නායකත්වය දන්වා ඇති බවත් එම දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න