කුරුණෑගල පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු : පතෝල තීන්දුව ගැන විවේචන !

කුරුණෑගල පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු : පතෝල තීන්දුව ගැන විවේචන !

වෛද්‍ය සාෆි සම්බන්ධ විමර්ශන කටයුතු වලට බාධ එල්ල විය හැකි බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සහ කුරුණෑගල කොට්ඨාශ භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා එම බල ප්‍රදේශයෙන් ස්ථානමාරු කර යැවීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ඊයේ (01) හිමිව තිබේ.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා මොණරාගල දිස්ත්‍රික්කයට ද පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා කිලිනොච්චි කොට්ඨාශයට ද මාරු කිරීමට නියමිතය.

වැඩබලන පොලිස්පතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් ඊයේ සලකා බැලූ අවස්ථාවේදී ජාතික පොලිස් කොමිසම දීර්ඝ වාද විවාදයකට පසුව මෙම තීරණයට එළඹ ඇති බවත් දැනගන්නට ඇත.

කෙසේවෙතත් වෛද්‍ය සාෆිට අදාළ සිදුවීමේදී මාධ්‍ය වෙත අසත්‍ය තොරතුරු ලබාදීම, පැමිණිල්ලක් හෝ නොමැතිව තම පුද්ගලික වුවමනාවන් අනුව වෛද්‍යවරයාව නීතිවිරෝධී ලෙස අත් අඩංගුවට ගැනීම සහ අත් අඩංගුවට ගෙන දින දෙකකට පසුව පෙර දින යොදා ව්‍යාජ ලෙස පැමිණිලි සටහන් කරගැනීම යනාදී වශයෙන් ඉහත කී නිලධාරීන් දෙදෙනා විසින් සිදුකළ අනීතික ක්‍රියා ගණනාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන, අධිකරණයට ද දැනුම් දී ඇත.

ඒ හමුවේ මේ නිලධාරීන් අනිවාර්ය නිවාඩු නොයැවීම සම්බන්ධවද දැඩි විවේචනයක් සමාජය තුල මතුව තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න