වැලිකඩ සමූහ ඝාතනය : අගෝස්තු 30 සාක්ෂි විභාගය ඇරඹේ !

වැලිකඩ සමූහ ඝාතනය : අගෝස්තු 30 සාක්ෂි විභාගය ඇරඹේ !

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ සාක්ෂි විභාගය අගෝස්තු 30 වනදා සිට ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (01) නියම කර තිබේ.

ඒ, එම නඩුව ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.


නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම්කර සිටින, දැනට අධිකරණය මඟහැර රටින් පළාගොස් ඇති ඉමදූවගේ ඉන්දික සම්පත් නම් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීයාව අත් අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ද මහාධිකරණය විසින් ඊයේ නිකුත් කෙරිණි.

2012 නොවැම්බර් 09 - 10 දෙදින තුළ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමක් අතරතුර තෝරාගත් සිරකරුවන් අට දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ ඉහත සඳහන් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරී ඉමදූවගේ ඉන්දික සම්පත් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

නඩු ගොනුව කෙසේවෙතත් මෙම ඝාතනය කුමන්ත්‍රණකාරී ලෙස සැලසුම් කළ එකක් බවට බොහෝ තොරතුරු පසුගිය කාලය තුළ හෙළිවූ අතර මෙයත් බැරවන්නේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මිනීමැරුම් ගිණුමටය. මෙම සිදුවීම තුළ ඝාතනයට ලක්වූ සමස්ත සිරකරුවන් ගණන 27කි. රාජපක්ෂ පාලන සමය තුළ මේ පිළිබඳ පරීක්ෂණ ද යටගසා තිබිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න