අගෝස්තු 11 පොහොට්ටු අපේක්ෂකයා නම් නොකරයි : දුමින්ද කැට තබා කියයි !

අගෝස්තු 11 පොහොට්ටු අපේක්ෂකයා නම් නොකරයි : දුමින්ද කැට තබා කියයි !

අගෝස්තු 11 වනදා යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන දිනය නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (01) පැවති ශ්‍රීලනිප මාධ්‍ය හමුවක් අමතමිනි.

එදිනට සිදුවනු ඇත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට පක්ෂ නායකත්වය ලබාදීම පමණක් බවත් පොහොට්ටු සාමාජිකයින්ට ජනාධිපති අපේක්ෂකයා දැනගැනීම සඳහා තවත් කාලයක් බලා සිටින්නට සිදුවනු ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

මෙම තමන්ගේ පෞද්ගලික මතය බවත් තමන් නම් කලබල නොමැති බවත් පැවසූ මන්ත්‍රීවරයා රට ද කලබල වීමට අවශ්‍ය නොමැති බවත් පැවසීය.

එසේම සන්ධානගත වීමක් සිදුවුණහොත් වෙනත් පුද්ගලයකු අපේක්ෂකයා ලෙස ඉදිරියට පැමිණීමට හැකියාව පවතින බව ද ඔහු අවධාරණය කළේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න