වැඩේට සූදානම් වෙන්න : සජිත් කියයි !

වැඩේට සූදානම් වෙන්න : සජිත් කියයි !

රටේ වගකීම භාරගැනීමට තමන් සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒ බව විවෘතව ප්‍රකාශ කළ බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඊයේ (01) පවසා තිබේ.

ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බැල්ලගස්වැව ප්‍රදේශයේ ඉදිකළ “සෙන්පති නන්දිමිත්‍රගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට‍ සහභාගී වෙමින්ය.

“දැන් කතා දෙකක් නැහැ අපි එළිපිට වැඩේට බැහැල සිටිනවා. කවුරුන් කුමන බාධක දැම්මත් සජිත් ප්‍රේමදාස වැඩේට සූදානම් බව වගකීමෙන් ප්‍රකාශ කරනවා” යැයි ද අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

මෙරට සෑම පුරවැසියෙකුම පන්ති, පක්ෂ, පාට භේද පසෙකට දමා රටේ අනාගතය ශක්තිමක් කර, සෞභාග්‍යයෙන් බබළවන්නට තමන් සමඟ එකතු වන ලෙසද සජිත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

තම අභියෝගය ප්‍රතිවාදීන්වත්, එක එක පැති වලින් එන අපේක්ෂකයන්වත් නොව, එකම අභියෝගය දුප්පත්කම අඩු කිරීම, රැකියා ප්‍රශ්නය විසඳීම මෙන්ම නූපන් දරුවන්ගේ සිට මතු පරපුරේ අනාගතය සුඛිත මුදිත කරවීම සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට සෑම පවුලකම බලාපොරොත්තුව සුභවාදී අනාගතයක් බවත්, රටේත් මෙරට සෑම පුරවැසියෙකුගේමත් අනාගතය ශක්ති සම්පන්න කිරීමේ වගකීම තමන් නොබියව ඉටු කිරීමට සුදානම් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න