ජවිපෙන් අනුර !

ජවිපෙන් අනුර !

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සිය අපේක්ෂකයා ලෙස මීළඟ ජනාධිපතිවරණයට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.

ජවිපෙ ප්‍රමුඛව පිහිටවූ පාතික ජන බලවේගය සංවිධානය ජූලි 30 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා තිබුණේ අගෝස්තු 18 වැනිදා පවත්වන ජාතික ජන බලවේගයේ සමුළුවකදී ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි ප්‍රකාශයට පත්කරන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ මීළඟ ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම සඳහා වන 20 වැනි සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම සඳහා දිනයක් වෙන් කරගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින බවත්, එය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ඉන්පසුව ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් එම කණ්ඩායමේ අදහස වී තිබේ.

(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න