පළාත් පාලන මැතිවරණය කල්යන ලකුණු

පළාත් පාලන මැතිවරණය කල්යන ලකුණු

අග්‍රාමාත්‍යවරයා විසින් දැනුම්දී ඇති ආකාරයට එළඹෙන පෙබරවාරි 08 වනදා පාර්ලිමේන්තුව කැඳවුවහොත් පළාත් පාලන මැතිවරණය දින දෙකකින් පමණ ඉදිරියට ගැනීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරන බව වාර්තා වෙයි.

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මේ බව සඳහන් කර ඇති බව වාර්තා වන අතර ඒ අනුව පෙබරවාරි 12 වනදා හෝ ඊට පසු දිනයක මැතිවරණය පැවැත්වීම කෙරෙහි කොමිසමේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

මැතිවරණ කොමිසම මෙම තීරණය ගැනීමට සිදුව තිබෙන හේතුව ලෙස දක්වා ඇත්තේ මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් කාල සීමාවේ පාර්ලිමේන්තුව කැඳවීමය.

මැතිවරණය කවදා පැවැත්වූවත් අපි දිනනවා- එජාප

මේ පිළිබඳ අප කළ විමසීමකට පිළිතුරු දුන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු සඳහන් කර සිටියේ මැතිවරණයට පෙර විවාදය ඉල්ලා සිටියේ තම පක්ෂය නොව ජනාධිපතිවරයා ඇතුළු අනෙක් පක්ෂ බවයි.

එසේම තමන් එවැනි විවාදයකට ඉතා හොඳ සුදානමකින් සිටින බවත් පක්ෂ නායක හමුවක් පවත්වා එකඟතාවක් ඇතිකරගතහොත් පාර්ලිමේන්තුව කැඳවීම මැතිවරණයට බාධාවක් නොවනු ඇති බවද එම ප්‍රකාශකයා පැවසීය.

එසේම බැඳුම්කරයේ එල්ලෙන කාගෙත් අපේක්ෂාව වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට මඩ ගැසීම බව පැවසු එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ විවාදය හෝ මැතිවරණය කවදා කෙසේ පැවැත්වූවත් තම පක්ෂයේ ජයග්‍රහණය ස්ථිර බවය.

කොමිෂන් වාර්තාවෙන් අපි නිදහස් - අග්‍රාමාත්‍ය

මේ අතර පසුගියදා මොරවක ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ කිසිඳු තැනක තමන් හෝ එක්සත් ජාතික පක්ෂය වරදක් කර ඇති බවට කිසිඳු සඳහනක් නොමැති බවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න