ගංවතුර ආපදාවට පෙර නාවික හමුදාව සුදානම්

ගංවතුර ආපදාවට පෙර නාවික හමුදාව සුදානම්

ඉදරියේ දී ඇති විය හැකි ගංවතුර අවධානම වලක්වා ගැනීමේ අරමුණින් ගාල්ල, වක්වැල්ල පාලමෙහි සිරවී තිබූ ගස් කොළන් සහ කුණු රොඩු ගංවතුර ආපදාවකට පෙර ඉවත් කිරීමට 2019 අගෝස්තු 06 වන දින නාවික හමුදාව කටයුතු කරන ලදී.

මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව ඉදිරි දින කිහිපය තුල තවදුරටත් පැවැතීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇති අතර, ඒ අනුව, ගිං ගඟ හරහා වැටී ඇති වක්වැල්ල පාලමේහි විශාල උණ පඳුරු, ගස් කොළන් හා අපද්‍රව්‍ය සිරවීමෙන් ගඟ දෙපස නිවාසවල ජිවත්වන ජනතාවට ඉදිරියේදී ඇති විය හැකි ගං වතුර අවදානමට පිළියමක් වශයෙන් ආපදාවට පෙර එම අපද්‍රව්‍ය කඩිනමින් ඉවත්කර ජලය බාධාවකින් තොරව ගලා යාමට සැලැස්වීම සඳහා නාවික හමුදාව කටයුතු කරන ලදී. එම කාර්යය සඳහා නාවික හමුදා කිමිදුම් අංශය සහ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහභාගී වූ අතර, එහිදී වාර්ෂාපතනයකදී ජලය පිටාර යෑම වැලැක්විම සඳහා සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කර ජලය බැස යන පරිදි යථාතත්වයට පත් කිරීමට කටයුතු කරන ලදී.

රටේ වර්ථමාන ආරක්‍ෂක තත්වය හමුවේ සිදුකරනු ලබන විශේෂිත ආරක්‍ෂක වැඩසටහන් සඳහා නාවික හමුදා පුද්ගල‍යින් වැඩි වශයෙන් යොදවා ඇති වාතාවරණයක් යටතේ වුවද ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර ආපදාවකදී සිදුවිය හැකි ව්‍යසනකාරී තත්වයන් අවම කර ගැනීම සඳහා පෙර සූදානමක් වශයෙන් වර්ථමාන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් මත දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙවැනි ආපදාවට පෙර සූදානම් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී.

{gallery}apada{/gallery}

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න