කෝප් කමිටුව මාධ්‍ය වෙත විවෘත කිරීම : නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ඇගයුමට !

කෝප් කමිටුව මාධ්‍ය වෙත විවෘත කිරීම : නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ඇගයුමට !

පාර්ලිමේන්තුවේ කාරක සභාවල කටයුතු මාධ්‍යයට විවෘත කරවා ගැනීමට අදාළ කටයුතු සිදු කරමින් සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම මාධ්‍යයට විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණය ඇගයුමට ලක් කරයි.

නිවේදනයක් නිකුත්කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ බව සදහන් කරන අතර මෙම තීරණය කාලීන මෙන්ම ඓතිහාසික වශයෙන්ද වැදගත් පියවරක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළි ගන්නා බවත් සදහන් කරයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත්කල නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් කර තිබේ.

පාර්ලිමේන්තුවේ විවෘතභාවය වෙනුවෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භයේ සිටම පෙනී සිටි අතර, පාර්ලිමේන්තු වරප්‍රසාද අනුව මාධ්‍යවේදීන්ට නඩු පැවැරීමට තිබු නිතී අහෝසි කිරීමට මැදිහත් වීම, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් දිනා ගැනීමට කළ අරගලය එම ගමන් මඟෙහි වැදගත් සන්ධි ස්ථාන වෙයි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීම වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රයන් හි සිදු වෙමින් පවතින වර්ධනයන් විසින් ඉදිරිපත් කර ඇති අභියෝගයන්ට මුහුණදීමට පුරවැසියන් හට පාර්ලිමේන්තුව ඔස්සේ මැදිහත්වීමට තිබෙන අවස්ථා තව දුරටත් පුලුල් වීමක් ලෙස වැදගත්වේ.

 

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීම මගින් රාජ්‍ය ආයතනයන් හි මුල්‍ය කළමානකරණය පිළිබඳ විනිවිදභාවය වැඩි දියුණු වන අතර, සිවිල් සමාජයට මෙම කාරක සභාව ඉදිරියේ හෙළිදරව් වන තොරතුරු ඔස්සේ තවදුරටත් පොදු අධිකාරීන් ගේ වගවීම සම්බන්ධයෙන් මැදිහත් වීමට ඉඩක් ලැබෙයි.සමස්තයක් වශයෙන් පාර්ලිමේන්තුවේ විවෘතභාවය සම්බන්ධයෙන් පෙනී සිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පාර්ලිමේන්තුවේ අනෙකුත් කාරක සභාවල කටයුතු ද කඩිනමින් මාධ්‍යයට විවෘත කරන ලෙස ඉල්ලා සිටියි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න