ඇමති හරීන් දන්නවාද : හොකී පුහුණුකරුවන් තෝරා ඇත්තේ ජන්දයකින් !

ඇමති හරීන් දන්නවාද : හොකී පුහුණුකරුවන් තෝරා ඇත්තේ ජන්දයකින් !

ආසියානු කුසලාන 21න් පහළ හොකී තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිත අතර ඊට අදාල ලංකා හොකී කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම එනම් පුහුණුකරු තේරීම ලෝකයේම හිනස්සන ක්‍රීඩාවට මරු පෙන්වන ආකාරයට සිදුකර ඇති බව වාර්තා වෙයි.

විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට සැප්තැම්බරයේ පැවැත්වෙන මෙම ආසියානු 21න් පහළ හොකී තරගාවලිය සදහා කණ්ඩායමේ පුහුණුකරුවන් කඩිනමින් කණ්ඩායම සමග එක්කර පුහුණු කටයුතු ආරම්භ කළ යුතුව තිබේ.

ඒ අනූව ලංකා ජාතික හොකී සම්මේලනය ඒ සඳහා සුදුසුකම් ඇති පාර්ශව වෙතින් ඉල්ලුම්පත් කැඳවා ඇත.

එහිදී අදාල තනතුරු සදහා කිහිපදෙනකුම ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කර තිබී ඇත.

සාමාන්‍ය ක්‍රමවේදය සහ ලෝකය අනුදත් ක්‍රමවේදය වන්නේ පුහුණුකරුවන් ලෙස ඉල්ලුම් කරන පාර්ශව කැඳවා ඔවුන්ව විධිමත් සම්මුඛ පරීක්ෂණයකට ලක්කර ඒ හරහා සුදුස්සන් පත්කර ගැනීමය.

නමුත් හොකී ක්‍රීඩාව අරක්ගෙන ඇති මාෆියාව සිය සම්මේලනයේ බලය යොදාගෙන සිදුකර ඇත්තේ ජන්ද විමසීමක් හරහා 21න් පහළ ජාතික කණ්ඩායමේ හොකී පුහුණුකරුවන් තෝරා ගැනීමය.

අවම වශයෙන් එහිදී ඉල්ලුම්පත් යොමුකර තිබූ කිසිවෙකු කැඳවා ඔවුන් ගැන මූලික විමසුමක් හෝ සිදුකරන්නට ජාතික හොකී සම්මේලනය කටයුතු කර නැති බවත් අප ආරංචි මාර්ග සදහන් කරයි.

මේ ක්‍රියාව දෙවැනි වන්නේ තැපැල් මාර්ගයෙන් පිහිනුම් උගන්වන ආකාරයේ තක්කඩිකමකට මිස අනෙකකට නොවන බව ඉතා පැහැදිලිය.

ප්‍රශ්නය ඇත්තේ අන්ත දූෂිත ලංකා හොකී සම්මේලනය මේ ක්‍රීඩාව වනසමින් අහිංසක ක්‍රීඩකයන්ගේ ජීවිත අවදානමේ යොදවා කරන නින්දිත හැසිරීම් සම්බන්ධව බලධාරීන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම ය.

එහෙයින් අපගේ ස්ථාවරය නම් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මේ අවකල් ක්‍රියාවලිය නැවැත්වීමට මැදිහත්වීම අත්‍යවශ්‍ය බවය.

නැතිනම් මේ ජාතික හොකී සම්මේලනය අරක්ගෙන සිටින මාෆියාව හොකී ක්‍රීඩාව තිබෙන තරමිනුත් පහතට ඇද දමා හොකී ක්‍රීඩාව නැතිබංග කරන දිනය වැඩි ඈතක නොවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න